කොරෝනා ඉවර වෙනකල් බලා හිටියොත් ජනපතියි 14 දෙනායි සදාකල් පාලනය ගෙනියයි - මහින්ද - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 30, 2020

කොරෝනා ඉවර වෙනකල් බලා හිටියොත් ජනපතියි 14 දෙනායි සදාකල් පාලනය ගෙනියයි - මහින්ද

විපක්ෂය පවසන ආකාරයෙන් කොරෝනා වසංගතය අවසන් වනතුරුම මහමැතිවරණය නොපවත්වා සිටියහොත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ කැබිනට් මණ්ඩලයේ 14 දෙනාට සදාකාලිකවම පාලන බලය පවත්වාගෙන යෑමට ඉඩ ලැබෙනු ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
"ඔව්, ඒ විපක්ෂය කියන විදියට නම් ලබන අවුරුද්දෙ විතර තමයි ඡන්දයක් තියන්න වෙන්නෙ. ඒකත් කියන්න බෑ ඉතිං. දැන් මේ මේක පිළිබඳ විශේෂඥයොම කියන්නෙ අපට කොරෝනාත් එක්කම ජීවත් වෙන්න වෙනවා මිසක් මේක ඉවර වෙන්නෙ නෑ කියලානෙ ජාත්‍යන්තරයේ මතය තියෙන්නෙ.

එහෙම වුණොත් ඉතිං අපට සදාකල් - මේක ඉවර වෙනකල් ඉන්න වුණොත් ඉතිං - මේ 14 දෙනායි ජනාධිපතිතුමාටයි රට පාලනය කරන්න වෙන්නේ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ ඊයේ (29) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad