නුවරඑළිය දිස්ත්‍රික්කයට ඇඳිරි නිතිය පැනවේ ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 30, 2020

නුවරඑළිය දිස්ත්‍රික්කයට ඇඳිරි නිතිය පැනවේ !

ද (30) නුවරඑළිය දිස්ත්‍රික්කයට දවස පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. මේ අතර, එළඹෙන හෙට(31) දිනයේ දී මෙන්ම ජුනි 04 සහ පොසොන් පොහොය යෙදෙන 05 වැනිදා සිකුරාදා යන දින තුනේ මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ජුනි 06 සෙනසුරාදා සිට සියලු දිස්ත්‍රික්කවල නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රි 10 සිට අලුයම 4 දක්වා පමණක් බවයි.

ජුනි මස පළමුවැනි සඳුදා සිට ජුනි මස 03 වැනි බදාදා තෙක් සියලු දිස්ත්‍රික්කවලට ඇඳිරි නීතිය බලපැවැත්වෙන්නේ රාත්‍රි 10 සිට අලුයම 04 දක්වා පමණයි.

කෙසේ වෙතත් ජුනි 04 බ්‍රහස්පතින්දා හා පොසොන් පොහොය යෙදෙන ජුනි 05 සිකුරාදා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මක වේ.

ජුනි 06 සෙනසුරාදා සිට සියලු දිස්ත්‍රික්කවල නැවත දැනුම්දෙන තුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රි 10 සිට අලුයම 4 දක්වා පමණයි.

එමෙන්ම කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයට අවසර හිමි වේ.


No comments:

Post a Comment

Post Bottom Ad