රාජපක්ෂලා පරාජය කරවන්න සජිත් පේ‍්‍රමදාස මහත්තයාට උදව් කළ යුතුයි කියලා එම පිරිස සඳහන් කළ බවද, අමරවීර මහතා සඳහන් කළේ ගැටමාන්න ප‍්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගි වෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද කීවේය.
එක්සත් ජාතික පක්ෂයයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයයි කියන්නේ අහසයි පොළවයි වාගේ. කවදාවත් නොපෑහෙන පක්ෂ දෙකක්.
2015 ජනාධිපතිවරණයේ දී අපි මෛත‍්‍රිපාල සිරිසේන මහත්තයාට සහාය දැක්වූයේ නැහැ. එතකොට අපේ පක්ෂයේ නායකයා මහින්ද රාජපක්ෂ මහතායි. අපි එතුමා වෙනුවෙන් කැප වී මෛත‍්‍රිපාල සිරිසේන මහත්තයා පරාජය කරන්නට කටයුතු කළා. නමුත් අවාසනාවට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඒ මැතිවරණයෙන් පරාජයට පත් වුණා. ඊට පස්සේ අපේ පක්ෂ නායකයා වුණේ ජනාධිපති ලෙසින් තේරී පත් වූ මෛත‍්‍රිපාල සිරිසේන මහත්තයා.
එතුමා ඇතුළු පක්ෂය තීන්දුවක් ගත්තා එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වී ජාතික ආණ්ඩුවක් හදන්නට. ඒක පක්ෂයේ තීරණයක් මිසක් පුද්ගලික තීරණ මත ගත්ත එකක් නොවෙයි. අපි දැනගෙන හිටියා රනිල් වික‍්‍රමසිංහ එක්ක අපිට ගමනක් නෑ කියලා. නමුත් පක්ෂය වශයෙන් ගත්ත තීරණයකට එදා අපි හැමෝටම එකඟ වෙන්න සිදුවුණා. එක්සත් ජාතික පක්ෂය එක්ක ආණ්ඩු හදනවා කියන එක අපිට ගැළපෙන දෙයක් නොවුනත් අපි එදා පක්ෂය ගත්ත තීරණයට එකඟ වුණා. නමුත් කාලයක් යනකොට අපිට තේරුණා මේ ජාතික ආණ්ඩුව එක්ක ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට පැවැත්මක් නෑ කියලා.
එක්සත් ජාතික පක්ෂයේ නීති විරෝධී වැඩ නිසා තමයි 2018 ඔක්තෝබර් 26 වෙනිදා නැවතත් මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස පත් කළේ. ඒත් අධිකරණ තීන්දුවක් මත නැවතත් රනිල් වික‍්‍රමසිංහට අගමැතිකම දෙන්න මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාට සිද්ධ වුණා. නමුත් අපි තවදුරටත් ජාතික ආණ්ඩුවේ එල්ලිලා හිටියේ නෑ. අපි විපක්ෂයට ගියා. ඊට පස්සේ තමයි 2019 ජනාධිපතිවරණය ආවේ. ඒ වෙලාවේ අපි සියලූ දෙනාම තීරණය කළේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජයග‍්‍රහණය කරවීම සඳහා සහයෝගය දීමටයි. ඒ අනුව තමයි අපි වැඩ කළේ. එහි ප‍්‍රතිඵලයක් විදියට සජිත් පරාජයට පත් කරලා අති දැවැන්ත ජයග‍්‍රහණයක් ලබන්න ගෝඨාභය රාජපක්ෂ මහතාට පුළුවන් වුණා.
– divaina
No comments:
Post a Comment