රනිල්ගේ නායකත්වය ලොවම පිලිගත් එකක්.. එජාපයේ බහුතරය රනිල් සමගයි - එස්.බී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 7, 2020

රනිල්ගේ නායකත්වය ලොවම පිලිගත් එකක්.. එජාපයේ බහුතරය රනිල් සමගයි - එස්.බී

පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට ප්‍රථම මේ රටේ ඉඩම් හිමිකම් ඔප්පු නොමැති 3500 කට අග්‍රමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් ඉඩම් ඔප්පු ලබා දිමේ වැඩසටහනක් දියත් කර ඇති බව ඉඩම් සහ  ඉඩම් සංවර්ධන රාජ්‍යය අමාත්‍යය එස්.බි.දිසානායක මහතා පැවසිය.

එස්.බි.දිසානායක මහතා ඒ බැවි කියා සිටියේ අඹගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ඉඩම් ගැටළු සහ හිමිකම් ඔප්පු නොමැති අය වෙනුවෙන් (06) දින ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් ශ්‍රවණාගාර ශාලාවේ පැවති ජංගම සේවයට සහභාගි වෙමිණි අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිණි .

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු එස්.බි.දිසානායක මහතා කියා සිටියේ මේ වන විට ඉඩම් මැනිම් කටයුතු කර නිරවුල් කර ඇති අය වෙනුවෙන් ඔප්පු ලබා දිමේ උත්වසය මේ මස 19 දින අරලියගහ මන්දිරයේදි සිදු කරන බවයි.

නුවරඑලිය දිස්ත්‍රික්කයේද ඉඩම් ගැටළු සම්බන්ධයෙන් පවත්වන ජංගම සේවයෙන් පසු හිමිකම් ඔප්පු නොමැති 3000 කට ආසන්න පිරිසකට හිමිකම් ඔප්පු ලබා දිමටද කටයුතු කරන බවයි .

ඉදිරියේදි පැවැත්වෙන මහ මැතිවරණයේදි පක්ෂ 16 එක් ව ඇති පෙරමුණක් ඇති කරගන්නා බවත් ඉන් ප්‍රධාන නිලතල කිහිපයක් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණට හිමි වන බවත්, ශ්‍රි ලංකා නිදහස් පක්ෂයටද ඉන් නිලතල  කිහිපයක් හිමිවන බවයි එස්.බි.දිසානායක මහතා කියා සිටියේ .

එක්සත් ජාතික පක්ෂය තුල දැනට ඇති වි ඇති අර්බුධය ඉදිරියේදි පැවැත්වෙන මහ මැතිවරණයේදි  ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණට වාසි සහගත බවත්,  එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා වටා වැඩි බහුතර මන්ත්‍රි පිරිසක් සිටින බවත්, එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ලෝවම පිලිගත් එකක් බවත් එස්.බි.දිසානායක මහතා පැවසිය.

මහ මැතිවරණයේදි නුවරඑලිය දිස්ත්‍රික්කය අති විශිෂ්ඨ ජයග්‍රහණයක් කරා ගෙන ගොස් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ ඇතුළු ඇති කර ගන්නා පෙරමුණට 2/3 බහුතර බලයක් ලැබෙන බවයි එස්.බි.දිසානායක මහතා මෙහිදි කියා සිටියේ.

ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් කාර්යයාල ශ්‍රවණාගාරයේ පැවති ඉඩම් කච්චේරියට ඉඩම් අමාත්‍යංශයේ නිලධාරින් , ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නිලධාරින් , අඹගමුව ප්‍රාදේශිය ලේකම්තුමිය ඇතුළු ග්‍රාමසේවා නිලධාරින් ඇතුළු ඉඩම් ගැටළු සම්බන්ධ ප්‍රදේශවාසින් විශාල පිරිසක් පැමිණ සිටිහ.

– හැටන් රංජිත් රාජපක්ෂ

No comments:

Post a Comment

Post Bottom Ad