ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ සන්ධානගත වුවද ඉදිරි මහා මැතිවරණයේ දී නාම යෝජනා ලැයිස්තුවෙන් 30% ක ප‍්‍රතිශතයක් වෙන් කිරීමට තම පක්‍ෂයට හැකියාවත් නැතැයි හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩී.වී චානක මහතා පැවසීය.
එහිදී මන්ත‍්‍රීවරයා මෙසේ ද කීය.
එමෙන්ම ඉදිරි මහ මැතිවරණයට තරග කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව පිහිටුවීමට නියමිත සන්ධානය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කොන්දේසි ගණනාවක් ඉදිරිපත් කර තිබෙන බව කී චානක මන්ත‍්‍රීවරයා තම පක්‍ෂය එම කොන්දේසිවලට එකඟ නොවන බවද කීය.
රටම පිළිගන්නා ලකුණ පොහොට්ටුව බවත්, මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වය රටම ඉල්ලා සිටින බැවින් ඒවා වෙනස් කිරීමට කිසිදු හැකියාවක් නොමැති බවද කීය.
පාර්ලිමේන්තු මැතිවරණයේ නාම යෝජනා ලැයිස්තුවෙන් 30% කෝටාවක් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉල්ලා සිටින බව කී මන්ත‍්‍රීවරයා තමන් සමඟ ආරම්භයේ සිටම සිටි සහෝදර දේශපාලන පක්‍ෂවලට හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට, පළාත් පාලන නියෝජිතයන්ට හා වියත්මඟ සංවිධානයේ නියෝජිතයන්ට නාමයෝජනා ලබාදුන් විට නාම යෝජනා ලැයිස්තුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයය විශාල ප‍්‍රතිශතයක් වෙන් කිරීමේ හැකියාවක් නැතැයි ද මන්ත‍්‍රීවරයා පැවසීය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්‍ෂ මූලස්ථානයේ දී ඊයේ (6) පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
No comments:
Post a Comment