මේ හේතුවෙන් ඊයේ දිනයේදීද ප්‍රතිකාර කටයුතු දැඩි ලෙස බාධා එල්ල වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
ඊයේ දිනයේ වෛද්‍යවරුන් 15 දෙනකු රාජකාරියට වාර්තාකර තිබුණද කණිෂ්ඨ කාර්යය මණ්ඩලයෙන් සේවයට වාර්තා කර තිබුණේ එක් සේවකයකු පමණක් යැයිද සංගමය කියයි.
මේ හේතුවෙන් ප්‍රතිකාර කටයුතු සඳහා දැඩි බාධා එල්ල වන බව සංගමය සඳහන් කරයි.
ප්‍රතිකාර කිරීමට රෝහලේ වෛද්‍යවරුන් 15ක් සිටියද කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කළ හැකි උපාංග ඇත්තේ එක් වෛද්‍යවරයෙකුට පමණක් යැයිද එනිසා සෙසු වෛද්‍යවරුන්ට අවදානමක් ගෙන ප්‍රතිකාර කිරීමට සිදුව ඇති බවත් සංගමය කියා සිටී.
තත්ත්වය මේ ආකාරයෙන් තවදුරටත් පැවතුනහොත් රෝහලේ පරිපාලනය බිඳ වැටීමට ඉඩ ඇතැයිද සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා දැනුවත් කිරීමට සංගමය විසින් පියවර ගෙන තිබේ.
No comments:
Post a Comment