එජාප මහ ඡන්දය මෙහෙය වන්නේ කරූ ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 2, 2020

එජාප මහ ඡන්දය මෙහෙය වන්නේ කරූ !

ළැඹෙන මහ මැතිවරණයේ කටයුතු මෙහෙයවීම සඳහා කථානායක කරු ජයසූරිය මහතාගේ නායකත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීමට පෙරේදා (31දා) එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එජාපෙ පක්ෂ නායක සාකච්ඡාවකදී තීරණය කර තිබේ.
කෙසේ වුවද ජයසූරිය මහතා මේ වන විටත් කථානායක තනතුරේ රැඳී සිටින බැවින් හා එම වගකීම භාරගැනීමට  කරු ජයසූරිය මහතා ඉදිරිපත් කර ඇතැයි කියන කොන්දේසි නිසා ඒ පිළිබඳ වැඩිදුර සාකච්ඡා කර තීරණයක් ගැනීම හෙට (03දා)  පාර්ලිමේන්තු රැස්වීම නිමාවන තෙක් කල් තබා ඇතැයි ‘සිරිකොත’  ආරංචි මාර්ග සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂය, ඉදිරි මහ මැතිවරණය පැවැත්වෙන තෙක් කරු ජයසූරිය මහතාගේ නායකත්වයෙන් යුත් මණ්ඩලයක් වෙත පැවරීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ගෙන ඇති තීරණය කරු ජයසූරිය මහතාට දැනුම් දුන් අවස්ථාවේ  ඔහු පවසා ඇත්තේ, එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයේ හා එජාප මන්ත්‍රි කණ්ඩායමේ ඒකමතික අනුමැතිය මත  එම වගකීම් භාර දෙන්නේ නම් පමණක් පක්ෂයේ හා පාක්ෂිකයන්ගේ අනාගතය උදෙසා ඒ පිළිබඳව  සලකා බැලිය හැකි බවයි.

මේ පිළිබඳ තවත් සාකච්ඡා වටයක් එජාප නායකයාගේ ප්‍රධානත්වයෙන් මේ මස 5 වැනිදා පැවැත්වීමට නියමිත බවද ‘සිරිකොත’ ආරංචි මාර්ග පවසයි.

උපතිස්ස පෙරේරා


No comments:

Post a Comment

Post Bottom Ad