"රාජිතට ඇප ලැබුණේ චෝදනාවල අඩුපාඩු නිසා මිස ඩීල් එකක් නිසා නෙවෙයි" - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 2, 2020

"රාජිතට ඇප ලැබුණේ චෝදනාවල අඩුපාඩු නිසා මිස ඩීල් එකක් නිසා නෙවෙයි"

හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාව ඇප මත නිදහස් කළේ අධිකරණය විසින් බවත් එසේ ඇප නියම වීමට හේතුවී තිබුණේ ඔහුට එරෙහිව ඉදිරිපත් කළ චෝදනා පත්‍රිකාවල තිබුණු අඩුපාඩු මිස දේශපාලන හිතවත්කමක් නොවන බවත් ආර්ථික ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩබ්. ඩී. ජේ. සෙනවිරත්න මහතා අවධාරණය කරයි. 

"රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා අත් අඩංගුවට ගැනීම දේශපාලන වුවමනාවන් මත සිදුකළ එකක් නෙවෙයි. ඔහුව ඇප මත නිදහස් කළේ අධිකරණය. ඒ අධිකරණය ඒකට කරුණු පෙන්නලා තිබුණා. යම් යම් අඩුපාඩු තිබුණයි කියලා ඔහුට එරෙහිව ඉදිරිපත් කරපු ඔහු සම්බන්ධ පත්‍රිකාවල. ඒ අනුව තමයි මං හිතන්නෙ අධිකරණය ඇප දීලා තියෙන්නෙ. ඒක එහෙම නැතුව දේශපාලන වශයෙන් ඔහුට උදව් කිරීමකින් හෝ එහෙම නැත්නම් කතාවට කියනවා වගේ ඩීල් එකක් අනුව නෙවෙයි කියන එක පැහැදිලිව කියන්න ඕනෙ." යනුවෙනුයි අමාත්‍යවරයා සඳහන් කළේය.

ඩබ්. ඩී. ජේ. සෙනවිරත්න අමාත්‍යවරයා මේ බව පැවසුවේ කහවත්ත ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැඟූ‍ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි. 

No comments:

Post a Comment

Post Bottom Ad