මිය ගිය රංජිත් සොයිසාගේ බිරිද මැතිවරණයට තරග කරන බව කියයි.. ඉල්ලීම මහින්දගෙන් ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 1, 2020

මිය ගිය රංජිත් සොයිසාගේ බිරිද මැතිවරණයට තරග කරන බව කියයි.. ඉල්ලීම මහින්දගෙන් !

දිරි මහමැතිවරණය සඳහා තමන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ කරන බව අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාගේ බිරිඳ මුදිතා ද සොයිසා මහත්මිය සඳහන් කළාය.

මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදය මත තමා මැතිවරණයට තරග කරන බවත් රත්නපුර ජනතාවගේ ඉල්ලීමට හිස නමා මෙම තීරණය ගත් බවත් ඇය පැවසුවාය.

ගොඩකවෙල තම නිවසේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇය මෙම අදහස් පළ කළා ය.

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් මත තමන් ඔහු හා සාකච්ඡා කළ බවත් ඒ අනුව තමන්ට දේශපාලන කටයුතු ආරම්භ කරන ලෙස ඔහු කළ ඉල්ලීම ද විශාල ශක්තියක් වූ බවත් ඇය කියා සිටියාය


No comments:

Post a Comment

Post Bottom Ad