බන්ධනාගාර කොමසාරිස්ගෙන් කරුණු විමසිය යුතු බව ගම්මන්පිල කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 1, 2020

බන්ධනාගාර කොමසාරිස්ගෙන් කරුණු විමසිය යුතු බව ගම්මන්පිල කියයි

බන්ධනාගාර කොමසාරිස්ගෙන් කරුණු විමසිය යුතු බව ගම්මන්පිල කියයි

රාජිත සේනාරත්න මන්ත‍්‍රීවරයා රිමාන්ඩ් භාරයට පත් කළ පසුව, බන්ධනාගාර ආඥා පනත  උල්ලංඝනය කරමින් තවදුරටත් ඔහු ප‍්‍රතිකාර ලබමින් සිටි පෞද්ගලික රෝහලේම ප‍්‍රතිකාර ලැබීමට ඉඩ ලබාදීම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස්ගෙන් නිදහසට කරුණු විමසිය යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.  
 
ඔහු මේ බව සඳහන් කළේ පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුම කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදීය.
 
මහේස්ත‍්‍රාත්වරයා  විසින්  කිසියම් පුද්ගලයෙක්  රක්ෂිත බන්ධනාගාර ගත කළ පසු එම පුද්ගලයා සම්බන්ධයෙන් සියලූ වගකීම් පැවරෙන්නේ බන්ධනාගාර කොමසාරිස්වරයාට බවද, ඒ අනුව ඔහුට හෝ ඇයට ප‍්‍රතිකාර ලබාගැනීමට අවශ්‍ය නම් ඒ සම්බන්ධයෙන් තීන්දු ගත යුත්තේද කොමසාරිස්වරයා බවද ගම්මන්පිල මහතා පැවසීය.
 
එසේ රක්ෂිත බන්ධනාගාර ගත වු අයෙකුට ප‍්‍රතිකාර ලබාදීය හැක්කේ බන්ධනාගාර රෝහලෙන් හෝ රජයේ පාලනය යටතේ පවතින රෝහලකින් බවට බන්ධනාගාර ආඥා පනතේ ඇති බවද ඔහු පැවසිය.
 
බන්ධනාගාර කොමසාරිස්වරයා රාජිත සේනාරත්න මහතාට ඔහු ප‍්‍රතිකාර ලබමින් සිටි රෝහලෙන්ම ප‍්‍රතිකාර ලබාගැනීමට ඉඩ හරිනු ලැබුවේ එම බන්ධනාගාර ආඥා පනතද උල්ලංඝණය කරමින් බවද ඒ නිසා අධිකරණ කටයුතු භාර අමාත්‍යවරයා ඔහුගෙන් මේ ගැන ප‍්‍රශ්න කළ යුතුව ඇති බවද ගම්මන්පිල මහතා පැවසීය.

අධිකරණ ඇමතිවරයා ප‍්‍රශ්න නොකරන්නේ නම් එසේ නොකිරිම ගැන ඒ අමාත්‍යවරයාගෙන් අගමැතිවරයා හා ජනාධිපතිවරයා ප‍්‍රශ්න කළ යුතුව ඇති බවද එසෝත් නොවන්නේ නම් පසුපෙළ මන්ත‍්‍රීවරු ලෙස මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදි ප‍්‍රශ්න කිරිමට තමන් සුදානම් බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad