කොලඹ නාලන්ද හා ආනන්ද විද්‍යාලවලින් සිය අධ්‍යාපනය හදාරා කැලණිය විශ්ව විද්‍යාලයෙන් සිය ආචාර්ය උපාධිය හදාර තිබෙන සරත් වීරසේකර මහතා නාව්ක හමුදාවේ රියර් අද්මිරාල් වරයෙකුව සිට රට බේරා ගැනීමේ මානුශීය මෙහෙයුමේදීද සිය කැපවීම රටට ලබාදුන් අයෙක් වන අතර කම්කරු සබදතා අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයකු ලෙසද කටයුතු කොට තිබෙනවා.
වර්තමානයේ දේශපාලන කරලියේ සැවොම කතාකරන මාතෘකාවක් වන උගත් පුද්ගලයින් රටේ පාලනයට එක් කරගැනීම හා වංචා දූෂණ වලට සම්බන්ධ නැති පිරිසිදු පාලනයක් ඇතිකිරීම වැනි කරුනු කාරනා පිලිබදව ජනතා අවධානය වෙන කවරදාකටත් වඩා ලැබී තිබෙන වකවනුවක ආචාර්ය උපාධියක්ද සහිත වංචාව හා දූෂණය පිලිබදව සටහනක්වත් නැති රට ජාතිය පිලිබදව කැපවීම ක්‍රියාවෙන්ම ඔප්පුකොට ඇති මෙවන් පුද්ගලයින් පාර්ලිමේන්තුවට යැවීමට ජනතාව දෙවරක් නොසිතනු ඇත.
No comments:
Post a Comment