රටේ දියුණුව වෙනුවෙන් පක්ෂ පාට භේද පසෙකලා සියලු දෙනා එක්විය යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
පටු දේශපාලන අරමුණ වෙනුවෙන් කටයුතු කළ හොත් රට තවදුරටත් පසුගාමී තත්ත්වයකට පත්වෙනු ඇති බවයි හෙතෙම පවසන්නේ.
පොලොන්නරුවේ පැවැති ජන හමුවක් අමතමින් මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව කියා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.
"අපි විශාල වැඩ කොටසක් කරලා තියෙනවා. අපේ මූණ ඉස්සරහ කාටවත් කියන්න බෑ අපි වැඩ කළේ නෑ කියලා. පහුගිය අවුරුදු කීපයේ අපි පොළොන්නරුව විශාල වශයෙන් වෙනස් කළා. මාර්තු පාර්ලිමේන්තුව විසුරවයි. අප්‍රේල අන්තිමට හෝ මැයි මාසයේ මුල මැතිවරණය තියයි. හැබැයි රටක ප්‍රශ්න මොන ආණ්ඩුව ආවත් අවසන් වෙන්නේ නෑ. වැඩිවන ජනගහනය, ස්වභාවික අභියෝග, ඒවාත් එක්ක ප්‍රශ්න එනවා. ඒවාත් එක්ක ප්‍රශ්න විසඳගෙන රට ගොඩ ගන්න නම් පක්ෂ භේද අමතක කරලා සියලු දෙනා එක්විය යුතුයි."
No comments:
Post a Comment