කරූගේ ලණු ගිලීමේ කැමැත්ත රනිල් ප්‍රයෝජනයට ගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 2, 2020

කරූගේ ලණු ගිලීමේ කැමැත්ත රනිල් ප්‍රයෝජනයට ගනී

කරූගේ ලණු ගිලීමේ කැමැත්ත රනිල් ප්‍රයෝජනයට ගනී

අප්‍රේල් 25 වන දින පැවැත්වීමට නියමිත මහා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය මෙහෙයවීමේ වගකීම කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවකට පැවරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගැනීම එම මැතිවරණයේදී ලබන පරාජයේ වගකීමෙන් තමා මිදී තවදුරටත් පක්ෂ නායකත්වයේ රැඳී සිටීමේ උපක්‍රමයක් බව ඒෂියන් මිරර් වෙත වාර්තා වේ. 

එම මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ අග්‍රාමාත්‍ය අපේක්ෂකයා ලෙස තමන් නම් කරන්නේ නම් ඒ සඳහා පක්ෂයේ නායකත්වයක් තමන්ට අවශ්‍ය බව පරාජිත ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම් දී තිබේ. 

පක්ෂ නායකත්වය නොමැතිව මැතිවරණයට නායකත්වය දීමේ "අං තට්ටුව" තමා ගලවා ඇති බව සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබේ.

කරූ ජයසූරිය මහතාට ජනාධිපති අපේක්ෂකත්වය දෙන බවට රනිල් වික්‍රමසිංහ මහතා ඔහුව මිට පෙර රැවටීමකට ලක් කළ අතර කරූ ජයසූරිය මහතා ලණු ගිලීමේ ශුරයෙක් බව ප්‍රකට කරුණකි. 

No comments:

Post a Comment

Post Bottom Ad