චීනයේ සිටි ලාංකික සිසුන් 50 ක් ලංකාවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 28, 2020

චීනයේ සිටි ලාංකික සිසුන් 50 ක් ලංකාවට

චීනයේ සිටි ලාංකික සිසුන් 50 ක් ලංකාවට

චීනයේ අධ්‍යාපනය ලැබීමට ගොස් සිටි ශ්‍රී ලාංකික සිසුන් 50 දෙනෙකු ඊයේ (27) සවස කටුනායක ගුවන් තොටුපළ වෙත චීනයට අයත් ගුවන් යානා දෙකකින් පැමිණි බව ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍ය චන්දික බණ්ඩාර වික්‍රමසූරිය මහතා පැවසීය.

අද සවස 5.54 ට චීනයේ කුංමිං සිටත් සවස 6.34 ට චීනයේ ෂැංහයි සිටත් ගුවන් යානා දෙක කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

මෙසේ පැමිණි සිසුන් සියලු දෙනාම යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසු වන බවත් ඔවුන් සියලු දෙනා ඔවුන්ගේ නිවෙස් කරා ගිය බවත් වෛද්‍ය චන්දික මහතා වැඩිදුරටත් පැවසීය.

(ටී.කේ.ජී.කපිල)

No comments:

Post a Comment

Post Bottom Ad