රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් CID අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 31, 2019

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් CID අත්අඩංගුවට

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් CID අත්අඩංගුවට

සුදු වෑන් ප්‍රවෘත්ති සාකච්ඡාව සම්බන්ධයෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

ඒ අද පෙරවරුවේ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ භාරවීමෙන් පසුවයි.
 
සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවට එක්වූ මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් දෙදෙනාට මොහොමඩ් රූමි මහතා විසින් රුපියල් ලක්ෂ 10 බැගින් මුදල් ලබා දුන් බවට අනාවරණය වී තිබේ.
 
ඒ අනුව ඔහු අත්අඩංගුවට ගෙන එම නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කර අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපතිවරයා උපදෙස් දී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad