කථානායක කරන්නේ බලවත් වරදක් - වාසුදේව - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 30, 2019

කථානායක කරන්නේ බලවත් වරදක් - වාසුදේව

කථානායක කරන්නේ බලවත් වරදක් - වාසුදේව

ජනමතය අනුව රටේ පාලනයේ වෙනසක් ඇති වී තිබෙන මොහොතක කථානායකවරයා එම ජන මතයට හිස නැමිය යුතු බව රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

ඇහැලියගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේබව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේ පැවසීය.

"අගමැතිත් වෙනස් වෙලා, ඇමති මණ්ඩලයත් වෙනස් වෙලා, ජනාධිපතිත් වෙනස් වෙලා, නමුත් පරණ කථානායකම තමයි ඉන්නේ.. ඒ කථානායකතුමා භාරගන්නේ නෑ පහුගිය ජනාධිපතිවරණයෙන් ලැබුණු ජනවරම. ජනවරමකින් කියන්නේ ඒ තිබුණු බලය වෙනස් වෙන්න ඕනේ කියලා. නමුත් කථානායකවරයා තමන්ගේ බලය පාර්ලිමේන්තුවේ තවදුරටත් පවත්වාගෙන යන්න කල්පනා කරනවා. අද එතුමා මේ බලය වෙනස්වෙලා තියෙද්දී ඒකට ජනවරමක් ලැබී තියෙද්දී පාර්ලිමේන්තුවේ බලය යූ එන් පී එක අතේ තියාගන්න අදහස් කරනවා නම් එතුමා කරන්නේ බලවත් වරදක්."

No comments:

Post a Comment

Post Bottom Ad