බදියුදීන්ට බරපතල චෝදනා - වහා අත්අඩංගුවට ගන්නැයි කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 30, 2019

බදියුදීන්ට බරපතල චෝදනා - වහා අත්අඩංගුවට ගන්නැයි කියයි

හිටපු ඇමති රිෂාද් බදුර්දීන් සිට විරුද්ධව අතිවිශාල පැමිණිලි ප්‍රමාණයක් කර ඇති බවත් ඔහු වහා අත්අඩංගුවට ගෙන ඒ සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර කර නඩු පැවරිය යුතු බවත් පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියෝ සඳහන් කරති.
රක්ෂිත බන්ධනාගාර ගත කර ඇප ලබා නොදී විශේෂ මහාධිකරණයකින් දිනපතා නඩු ඇසීමෙන් පසුව ඔහුට අදාළ බරපතළ චෝදනාවලට දඬුවම් ලබාදිය යුතු බවද උන්වහන්සේ කියා සිටිති.

මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තර සහිත ලිපියක් ජනාධිපතිවරයාට ලබාදීමට බලාපොරොත්තු වන බව උන්වහන්සේ සඳහන් කළහ.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ආනන්ද සාගර හිමියන් මෙම අදහස් පල කරන ලදී.

හිටපු ඇමතිවරයා තවදුරටත් නිදැල්ලේ සිටිය සිටියහොත් මෙරට තුළ ජාතිවාදය ආගම්වාදය පරිසර විනාසය ආදිය සීඝ්‍රයෙන් වැඩි වනු ඇතැයි ද උන්වහන්සේ තව දුරටත් සඳහන් කළහ.


No comments:

Post a Comment

Post Bottom Ad