"රාජිතට වගේම ගම්මන්පිල, වීරවංශ, අගමැතිටත් නඩු පවරන්න පුලුවන්" - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, December 28, 2019

"රාජිතට වගේම ගම්මන්පිල, වීරවංශ, අගමැතිටත් නඩු පවරන්න පුලුවන්"

ජනාධිපතිවරණ වේදිකාවේදී අසත්‍ය ප‍්‍රකාශ සිදුකිරීම පිළිබඳව රාජිත සේනාරත්න මහතාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නේ නම්, ‘එම්.සී.සී ගිවිසුමෙන් රට බෙදනවා, රට ඇමෙරිකාවේ කොළනියක් කරනවා’ යනුවෙන් බොරු ප්‍රචාර ගෙනගිය උදය ගම්මන්පිල, විමල් වීරවංශ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ටත් නඩු පැවරීමේ හැකියාව ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් පී. පෙරේරා මහතා පැවැසීය.
 
දේශපාලනඥයන් ප‍්‍රවෘත්ති සාකච්ඡාවල හෝ වේදිකාවල කියන කරුණු මත ඒ ඒ ප‍්‍රකාශයේ සත්‍ය අසත්‍යතාවය මත නඩු පවරන්නේ නම්  මේ රටේ සිටින  සියලු දේශපාලනඥයන්ට විරුද්ධව නඩු පැවරීමට සිදුවනු ඇතැයිද මන්ත‍්‍රීවරයා  සඳහන් කළේය.
 
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
 
ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී වැරදි කරුණක් ප‍්‍රකාශ කළා යනුවෙන් ඉතිහාසයේ කිසිදිනක අපරාධ නඩුවක් පවරා නොමැති  බව පැවසූ මන්ත‍්‍රීවරයා  එවැනි  නඩු පැවරීමට දණ්ඩ නීති සංග‍්‍රහයේ කිසිම ප‍්‍රතිපාදනයක් නොමැති බවත් සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad