එම්.සී.සීයට විරුද්ධ පක්ෂ සමඟ සාකච්ඡාවට ජ.වි.පෙ සූදානම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 30, 2019

එම්.සී.සීයට විරුද්ධ පක්ෂ සමඟ සාකච්ඡාවට ජ.වි.පෙ සූදානම්

එම්.සී.සීයට විරුද්ධ පක්ෂ සමඟ සාකච්ඡාවට ජ.වි.පෙ සූදානම්

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (එම්.සී.සී) ගිවිසුමට විරුද්ධ ආණ්ඩුවේ හවුල්කාර දේශපාලන පක්ෂ සමග වුවද සාකච්ඡා කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් යැයි එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත මහතා පැවැසීය. 
 
ජනතා විමුක්ති පෙරමුණ එම්.සී.සී ගිවිසුම අස්සන් තැබීමට විරුද්ධ යැයි ද එය කොන්දේසි විරහිතව පරාජය කළ යුතු යැයි ද ලාල්කාන්ත මහතා අවධාරණය කළේය.

එම්.සී.සී ගිවිසුම අධ්‍යයනය කිරීමට වෙනම කමිටුවක් පත්කිරීමට ආණ්ඩුව කටයුතු කිරීමෙන් පෙනීයන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජනාධිපතිවරණයට පෙර තිබූ විරෝධය ව්‍යාජ එකක් යැයි ද ලාල්කාන්ත මහතා චෝදනා කළේය. එම ගිවිසුමට කලින් තමන්ම දැක් වූ විරෝධය නිසා එය අස්සන් කිරීමට නොහැකිව ආණ්ඩුව සිරවීමකට සිටින්නේ යැයි කී හෙතෙම මෙම කමිටුව හරහා කල්මැරීමෙන් ජනතාවගේ ඇස් වසා එය අස්සන් කිරීමේ සූදානමක් පෙනෙන්නේ යැයි ද කීය.

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ද ආණ්ඩුව පෙර දැක් වූ උනන්දුවෙන් ක්‍රියා නොකරන්නේ යැයි ද ලාල්කාන්ත මහතා කීවේය.

කේ.ඩී ලාල්කාන්ත මහතා මෙසේ ද කීය. 

"රනිල් වික්‍රමසිංහ මැතිතුමා පීඩාවට පත්වෙන ඔහු හිරවෙන ක්‍රියාකාරිත්වයකට මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩුව යාවි කියලා හිතන්න බෑ. එනිසා රනිල්ව බේරාගැනීමේ ඉඩ තබාගනිමින් තමයි ඔය ඕනෑම එකක් වෙන්නේ. මොකද බැඳුම්කර කතාව රනිල් වික්‍රමසිංහ මහත්තයට විතරක් හේත්තුවෙච්ච එකක් නෙවෙයි. රනිල්ගෙ ආණ්ඩුවට කලින් මහින්ද රාජපක්ෂ මහත්තයලගෙ ආණ්ඩුවෙ බලධාරින්ටත් බැඳුම්කර කතාවේ අදාළකමක් තිබෙනවා. ඒ නිසා ඔය බැඳුම්කර හොරු හරියට අල්ලනවා නම් දෙපාර්ශ්වයේම කට්ටිය ඒකට කොටු වෙනවා. ඒ නිසා මේක යටපත් කරමින් සමාජයට අමතක කරමින් යන්න හදන භාවිතාවක් තමයි අපට ආණ්ඩුවෙන් පෙන්නුම් කරන්නේ. ජනතාව හිතනවා නම් මෙවැනි ප්‍රශ්නවලදි ජනතාවගෙ පැත්තට සාධාරණයක් වෙයි කියලා ඒක වෙන්නේ නෑ. මොකද ඒගොල්ලො මේගොල්ලො දෙපැත්තට ෂොට් එක දෙන්න ගියොත් දෙපැත්තටම හානි වෙනවා. ඉතිහාසයේ කවදාකවත් දෙපැත්තට හානි වෙන වැඩ මේ අය කරලා නෑ. ඔය පොඩි එකෙක් මොකෙක් හරි අල්ලගෙන වැඩක් දුන්නොත් මිසක් ලොකු ලොකු දේවල් වෙයි කියලා අපි හිතන්නේ නෑ."

No comments:

Post a Comment

Post Bottom Ad