දෙමළ ජනතාව ශ්‍රී ලාංකික ජාතිකත්වයෙන් ප්‍රතික්ෂේප කිරීමේ උත්සාහයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 30, 2019

දෙමළ ජනතාව ශ්‍රී ලාංකික ජාතිකත්වයෙන් ප්‍රතික්ෂේප කිරීමේ උත්සාහයක්

දෙමළ ජනතාව ශ්‍රී ලාංකික ජාතිකත්වයෙන් ප්‍රතික්ෂේප කිරීමේ උත්සාහයක්

දෙමළ බසින් ජාතික ගීය ගායනා කිරීම නැවතීමේ රජයේ තීරණය දෙමළ ජනතාව ශ්‍රි ලාංකික ජාතිකත්වයෙන් ප්‍රතික්ෂේපිත ජාතියක් කිරීමේ තවත් එක් අංගයක් බව දෙමළ ජාතික සන්ධාන මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පවසයි.
 
ජාතීන් අතර සංහිදියාව හා සමගිය ප්‍රවර්ධනය කිරීමේ උත්සහායක නිරත වෙනවා වෙනුවට එම උත්සහායට පටහැනි ක්‍රියාපිළිවෙතක් ඔස්සේ වත්මන් රජය කටයුතු කර සිටින බවද සුමන්තිරන් මහතා කීය.
 
ජාතික ගීය දමිළ බසින් ගායනා කිරීම නැවතීම පිළිබද මාධ්‍ය වෙත අදහස් දක්වමින් සුමන්තිරන් මහතා මේ අදහස් පලකර සිටියේය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීය.
 
"2015 ජනාධිපතිවරණයේදී යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු ප්‍රථම වරට ඒ වසරේ ජාතික නිදහස් දින උත්සවයේ සිට ජාතික ගීය දමිළ බසින් ගායනා කරනු ලැබුවා. ඒ උත්සවයට සම්බන්ධන් මහත්තයායි මමයි සහභාගී වුණා. දශක ගණනාවකට පසු ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය වෙනුවෙන් අපි ජාතික නිදහස් දින උත්සවයට සහභාගී වුණේ. ඊට හේතුව සංහිදියාවට බොහෝ දේවල් ඒ උත්සවයේදී සිදුවුනා.දෙමළ බසින් ජාතික ගීය ගායනා කිරීමට අමතරව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය කතාවෙන්  කෘර යුද්ධය නිම වෙලා තියෙනවා.අවසන් වූ යුද්ධය බොහෝ දෙනා සමරන අවස්ථාව කෘර සැමරුම් උත්සවයක් බවට ප්‍රකාශ කර සිටියා. අද එම තත්වය වෙනස් වෙලා සංහිදියාවට ප්‍රතිවිරුද්ධ ක්‍රියාදාමයන් සිදුවෙමින් පවතිනවා.දෙමළ බසින් ජාතික ගීය ගායනා නොකිරීම එහි එක් අංගයක්.රජයේ ක්‍රියාකලාපයන් වෙනස් වෙලා.ඒ සියල්ල සංහිදියාව ප්‍රවර්ධනය කිරීමේ ක්‍රියාවන් නෙවෙයි. දෙමළින් ජාතික ගීය ගායනා කරන්න එපා කියල රජය නියෝග දීම කියන්නේ දෙමළ ජනතාව ජාතික ගීය ගායනා කරන්න එපා කියන එකයි. දෙමළ ජනතාව ජාතික ගීය ගායනා කරන්න එපා කියල කියනවා නම් අපි සතුටින් ඒ ගීය ගායනා නොකර ඉන්නවා. මොකද ජාතිකත්වය අතින් දෙමළ ජනතාව ප්‍රතික්ෂේප කරල දැන් දශක ගණනාවක් වෙනවා.පළමු ජනරජ ව්‍යවස්ථාව ගෙන ආ වෙලාවේ ඉදලම අපි ඒ බව කීවා. අපේ සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම් පිළිනොගැනීම නිසා තමයි අපි ජාතික ජීවිතයෙන් ප්‍රතික්ෂේප වූවන් විදිහට ඉන්නේ. ඒ ප්‍රතිපත්තියේ වෙනසක් සිදුකරන්නට කටයුතු කරනවා නම් දෙමළ ජනතාවට හිමි දේශපාලන බලතල වැඩි කරන්න ඕනෑ. එවිටයි අපිට සම අයිතියක් ඇති ජාතියක් විදිහට මේ රටේ ජීවත් වෙන්න පුළුවන්.අපිව ඉවත් කරල තියෙන එකේ තවත් එක් සංකේතයක් විදිහටයි ජාතික ගීය දෙමළින් ගැයීම තහනම් කිරීමේ රජයේ නියෝගය අපි දකින්නේ."
 

No comments:

Post a Comment

Post Bottom Ad