පෞද්ගලික අංශයෙන් සහල් මිලට ගන්න රජය තීරණයකට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, December 28, 2019

පෞද්ගලික අංශයෙන් සහල් මිලට ගන්න රජය තීරණයකට

පෞද්ගලික අංශයෙන් සහල් මිලට ගන්න රජය තීරණයකට

වෙළඳපොළ තුළ ඇතිවී තිබෙන නාඩු සහ සම්බා සහල් හිඟය අවම කිරීම සහ සහල් සඳහා ස්ථාවර මිලක් පවත්වා ගැනීමේ අරමුණින් පෞද්ගලික අංශයේ මහා පරිමාණ සහල් මෝල් හිමියන් සතු සහල් මිලදී ගෙන වෙළඳපොළට මුදාහැරීමට රජය තීරණය කර තිබේ.

කෙටිකාලීන විසඳුමක් ලෙස මෙය  ක්‍රියාවට නැංවීමට නියමිත අතර මේ වනවිටත් අදාළ අංශ සමඟ සාකච්ඡා කර ඇති බවත් කෘෂිකාර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.

එමෙන්ම කෘෂිකාර්මික කටයුතු බහුලව සිදුකරන ප්‍රදේශවල රජයේ පාලනය යටතේ ක්‍රියාත්මක වන සහල් ගබඩා පවත්වාගෙන යෑම සදහා ද අවධානය යොමු වී තිබෙන බවද එළවලු කල් තබාගැනීමට ගොවීන්ට ශීතකරණ ලබාදීමට නියමිත බවද අමාත්‍යවරයා කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad