රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වීමෙන් අනතුරුවයි.
නීතිපතිගේ සම්බන්ධීකරණ නිලධාරීනි නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ අද(31) පෙරවරුවේ ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වූ බවයි.
සුදු වෑන් සිද්ධිය පිළිබඳව පැවැත්වූ මාධ්‍ය හමුව සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවල සැකකරුවෙකු ලෙස රූමි මොහොමඩ් මහතා නම් කර තිබුණි.
No comments:
Post a Comment