"එදා ඒවා දේශපාලන පළිගැනීම් - අද ඒවා දේශපාලන පළිගැනීම් නෙවෙයි" - විමල් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, December 29, 2019

"එදා ඒවා දේශපාලන පළිගැනීම් - අද ඒවා දේශපාලන පළිගැනීම් නෙවෙයි" - විමල්

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම කිසිසේත්ම දේශපාලන පළිගැනීමක් නොවන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ඔහුට එරෙහිව ඇති චෝදනා හා සාක්ෂි පදනම් කර ගනිමින් රටේ නීතියට අනුව ඔහු අත්අඩංගුවට ගත් බව ඇමතිවරයා පවසයි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ කිසිසේත් අධිකරණයට හෝ නීතියට අයුතු බලපෑම් සිදු නොවන බවත්, ‍පසුගිය රජය සමයේ සිදුකළ දේශපාලන පළිගැනීම් වත්මන් රජය යටතේ සිදු නොවන බවත් වීරවංශ මහතා අවධාරණය කරයි. නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට එම කටයුතු නිදහසේ, අපක්ෂපාතීව සිදු කිරීම සඳහා අවශ්‍ය වාතාවරණය සකස් කර ඇති බව ද ඔහු සඳහන් කරයි.

යහපාලන රජය විසින් විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් දේශපාලන පළිගැනීම් සිදු කරද්දී, අසාධාරණ ලෙස අත්අඩංගුවට ගනිද්දී ඒ පිළිබඳව විරෝධය නොදැක්වූ ජනතා විමුක්ති පෙරමුණ එජාප මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගනිද්දී ඊට විරෝධය පළ කිරීමෙන් ඔවුන් අතර ඇති එකඟතාවය පැහැදිලි වන බව ද අමාත්‍යවරයා පවසයි. 

No comments:

Post a Comment

Post Bottom Ad