වෘත්තීය පුහුණු ක්ෂේත්‍රය යළි පණ ගන්වන්න - ජනපති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, December 29, 2019

වෘත්තීය පුහුණු ක්ෂේත්‍රය යළි පණ ගන්වන්න - ජනපති

වෘත්තීය පුහුණු ක්ෂේත්‍රය යළි පණ ගන්වන්න - ජනපති

වෘත්තීය පුහුණු ක්ෂේත්‍රය යළි පණ ගැන්වීම සඳහා අදාළ අංශ වෙත ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.

ඒ අනුව දෙස් විදෙස් වෙළඳපොළට සරිලන ශ්‍රමිකයන් බිහි කරන ලෙසත් අඩු ආදායම්ලාභි ප්‍රජාව නගා සිටුවිමේ වැඩසටහන් සඳහා ප්‍රමුඛත්වය දෙන ලෙසත් ජනපතිවරයා සඳහන් කළේය.

නිපුණතා සංවර්ධන, රැකී රක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍යාංශයේ නිලධාරීන් හා ආයතන ප්‍රධානීන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී ජනපතිවරයා මේ බව අවධාරණය කළේය.

රටේ වැදගත්ම ක්ෂේතය කෘෂිකර්මාන්තය වුවත් ඊට අදාළ උපාධි පාඨමාලා නොතිබීම ගැන ජනපතිවරයාගේ අවධානය යොමුවූ අතර කෘෂිකර්මාන්තයේ ප්‍රවීණයන් හා පර්යේෂකයන් රටට දැඩිව අවශ්‍ය හෙයින් නව පාඨමාලා හඳුන්වාදීමේදී එම අඩුපාඩු ඉවත් කිරීමේ වැදගත්කමද ජනපතිවරයා සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad