පූජිත් ජයසුන්දරට යන්න උනේ සුදුවෑන් ගැන පරීක්ෂණ කරපු නිසා - බාහු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, December 28, 2019

පූජිත් ජයසුන්දරට යන්න උනේ සුදුවෑන් ගැන පරීක්ෂණ කරපු නිසා - බාහු

මහින්ද රාජපක්ෂ පාලන සමයේදී සුදුවෑන් සංස්කෘතියක් තිබූ බවට සාක්ෂි තමන් සතුව ද තිබෙන බව නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමභාහු මහතා පවසයි. සුදුවෑන් සංස්කෘතියක් නොව එය විකෘතියක් බවයි සමසමාජ නායකයා පෙන්වා දෙන්නේ.

එවකට කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වූ පූජිත් ජයසුන්දර මහතාට හදිසි ස්ථාන මාරුවක් ලැබී කුරුණෑගලට යාමට සිදු ව‍ූයේ ද මහින්ද රාජපක්ෂලාගේ සුදුවෑන් භීෂණය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවත්වූ නිසා බව ද වික්‍රමභාහු කරුණාරත්න මහතා පෙන්වා දෙනවා.

දෙමළ ජාතිකයෙකු පැහැරගෙන ගිය අවස්ථාවේදී ඔහු‍ගේ සහෝදරියක එම පැහැර ගැනීම සම්බන්ධයෙන් තමා දැනුවත් කිරීමෙන් පසුව එ් පිළිබඳව එවකට කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වූ පූජිත් ජයසුන්දර මහතා දැනුවත් කළ බව කරුණාරත්න මහතා පෙන්වා දෙනවා. එම දැනුවත් කිරීම මත පූජිත් ජයසුන්දර මහතා වහා මැදිහත් වී අදාල පැහැර ගැනීම සිදුකළ පුද්ගලයන් සොයා ගත් බවත්, එහිදී ආරක්ෂක හමුදා සාමාජිකයන් ඇතුළු පිිරිසක් අදාල පැහැර ගැනීම සිදුකර තිබූ බව අනාවරණය වූ බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.

කෙසේ වෙතත් ඉහළින් පැමිණි නියෝගයක් මත අදාල හමුදා සාමාජිකයන් පිරිස නිදහස් කිරීමට පූජිත් ජයසුන්දර මහතාට සිදු වූ බව පෙන්වා දෙන කරුණාරත්න මහතා වැඩිදුරටත් පවසන්නේ ඊට පසුදිනම නියෝජ්‍ය පොලිස්පතිවරයා කුරුණෑගල ප්‍රදේශය වෙත මාරුකර යැවූ බවයි.

එජාප පාලන සමයේදී දකුණේ සිංහල තරුණයන් අතුරුදන් කිරීමට විරෝධය පළ කරමින් කතරගම දක්වා පාද යාත්‍රා ගිය මහින්ද රාජපක්ෂ මහතාට සිංහල නොවන දෙමළ හා මුස්ලිම් තරුණයන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ තැකීමක් නැති බවත්, නැවතත් සුදුවෑන් විකෘතිය ක්‍රියාත්මක වීමේ අවදානමක් මතුව ඇති බවත් සමසමාජ නායකයා පෙන්වා දෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad