දූෂණ අක්‍රමිකතා ගැන නිමක් නැති පැමිණිළි… කොළඹ පුරපතිනී රෝසිට ජනපතිගෙන් හිදිසි කැදවීමක් ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 23, 2019

දූෂණ අක්‍රමිකතා ගැන නිමක් නැති පැමිණිළි… කොළඹ පුරපතිනී රෝසිට ජනපතිගෙන් හිදිසි කැදවීමක් !

කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන හදිසි කැඳවීමක් ලැබී තිබේ. වාර්තා වන පරිදි නගරාධිපතිනියට එරෙහිව දිගින් දිගටම එල්ල වෙමින් තිබෙන චෝදනා හා පැමිණිලි සම්බන්ධයෙන් විමසීම සඳහා එම කැඳවීම කර ඇත.

කොළඹ මහ නගර සභාව තුළ දිනෙන් දින ඉහළ යන අකාර්යක්ෂම පාලනය සම්බන්ධයෙන් ඇයට එරෙහිව ජනාධිපතිවරයා වෙත පැමිණිලි ගණනාවක් ලැබී ඇති බව සඳහන්.

නගාරධිපතිනිය ලෙස සිය ධූරයේ රාජකාරී පසෙක තබා එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන කටයුතුවලට මැදිහත් වෙමින් සිටින අතර මහ නගර සභාවේ වගකීම හරි හැටි ඇගෙන් ඉටු නොවන බවටයි සේනානායක මහත්මියට එරෙහිව පැමිණිලි ලැබී ඇත්තේ.

නව ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා පත්වීමෙන් පසු කඩිමුඩියේ වැඩකිරීමට පටන් ගෙන තිබුණද එයත් නගරයේ කැලි කසළ ඉවත් කිරීම වැනි බාහිරින් පෙනෙන කටයුතුවලට සීමා වී ඇති බවද වාර්තා වෙයි.

පසුගිය කාලය පුරාම ඇගේ පරිපාලනය අතිශයින් දුර්වල බව ද සඳහන්.

කෙසේවෙතත් ඉදිරියේදී එම කටයුතු නිවැරදි නොවුණහොත් කොළඹ මහ නගර සභාවේ කටයුතු විශේෂ කොමසාරිස්වරයෙකු යටතට පත්කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී ඇති බවත් වාර්තා විය.

Lanka News Web


No comments:

Post a Comment

Post Bottom Ad