නව රජයේ කැබිනට් මණ්ඩලය හා අමාත්‍යංශ ලැයිස්තුව - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 22, 2019

නව රජයේ කැබිනට් මණ්ඩලය හා අමාත්‍යංශ ලැයිස්තුව



නව රජයේ කැබිනට් මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ මීට සුළු වේලාවකට පෙර දිවුරුම් දුන්නා එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන, බුද්ධ ශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු, නාගරික සංවර්ධන, ජලසම්පාදන , නිවාස පහසුකම් අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දඅන් අතර සිසු නව අමාත්‍යවරුන් ලැයිස්තතුව පහතින්


නිමල් සිරිපාල මහතා - අධිකරණ මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය
ආරුමුගම් තොණ්ඩමන් මහතා - ප්‍රජා සවිබලගැන්වීම් සහ යතිතල පහසුකම් අමාත්‍ය
දිනේෂ්  ගුණවර්ධන මහතා - විදේශ සබඳතා, රැකී රක්ෂා සහ කම්කරු සබඳතා, නිපුනතා සංවර්ධන අමාත්‍ය
ඩග්ල්ස් දේවානන්ද මහතා - ධීවර සහ ජලජ සම්පත් අමාත්‍ය
පවිතා දේවි වන්නිආරච්චි මහත්මිය - කාන්තා හා ළමා කටයුතු සමාජ ආරක්ෂණ, සෞඛ්‍ය සහ පෝෂණ, දේශීය වෛද්‍ය අමාත්‍ය
බන්දුල ගුණවර්ධන මහතා - තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ පිලිබඳ සහ උසස් අධ්‍යාපන සහ නවෝත්පාදන සංවර්ධන අමාත්‍ය
ජනක බන්ඩාර තෙන්නකොන් මහතා - රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය
චමල් රාජපක්ෂ මහතා - කෘෂිකර්ම වාරිමාර්ග සහ මහවැලි ග්‍රාමීය සංවර්ධන, ආහාර සුරක්ෂිත සහ පාරිභෝගික කටයුතු අමාත්‍ය
ඩලස් අලහප්පෙරුම මහතා - අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය
ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා - මහාමාර්ග හා කර්මාන්ත සංවර්ධන අමාත්‍ය
මහින්ද අමරවීර මහතා - මගී ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල සහ බලශක්ති අමාත්‍ය
විමල් වීරවංශ මහතා - කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යවසාය සංවර්ධන, කර්මාන්ත සැපයුම් අමාත්‍ය
එස්.එම්.චන්ද්‍රසේන මහතා - ඉඩම් හා ඉඩම් ප්‍රතිසංස්කරණ, පරිසර සහ වනජීවී සම්පත් අමාත්‍ය
රමේෂ් පතිරණ මහතා - වැවිළි කර්මාන්ත හා කෘෂිකර්මාන්ත  අමාත්‍ය
ප්‍රසන්න රණතුංග මහතා - කාර්මික හා ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය

No comments:

Post a Comment

Post Bottom Ad