හෝටලයක් වෙනුවෙන් ඉවත් කළ හමුදා මුලස්ථානය නිසා මාසිකව මිලියන 42ක් රජය වියදම් කළා - ජනාධිපති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 8, 2019

හෝටලයක් වෙනුවෙන් ඉවත් කළ හමුදා මුලස්ථානය නිසා මාසිකව මිලියන 42ක් රජය වියදම් කළා - ජනාධිපති

යුධ හමුදා මුලස්ථානය පිහිටි ස්ථානය හෝටල් සංකීර්ණයක් ඉදි කිරිම උදෙසා විකුණා දැමිම නිසා එහි පිහිටි කාර්යාල පිහිටුවිමට රජයේ සහ පෞද්ගලික අංශයේ ගොඩනැගිලි කුලි පදනම ගත ලබා ගැනිමට සිදුවු බවත් ඒ සදහා මාසිකව රජයට රුපියල් මිලියන 42ක් වියදම් කිරිමට සිදුවු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටිනවා.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කලේ අකුරේගොඩ ඉදිකළ නව යුධ හමුදා මුලස්ථානය විවෘත කිරිමේ උත්සවයට එක්වෙමින්ය.

කොළඹ නගරයේ නව සැලසුම් සකස් කිරිම උදෙසා මෙලෙස යුධ හමුදා මුලස්ථානය වෙනත් තැනකට.රැගෙන ගිය බව මෙහිදි ජනාධිපතිවරයා කියා සිටියේ.

එමෙන්ම මෙම නව යුධ හමුදා මුලස්ථානය ඉදිකිරිම සදහා 2011 වර්ෂයේදි ආරම්භ කළ බවත් එය මේ දක්වා ප්‍රමාද වුයේ භාණ්ඩාගාරයෙන් මුදල් නිකුත් කිරිමේදි ඇතිවු මුල්‍ය ගැටළු හේතුවෙන් බව කියා සිටියා.

එමෙන්ම ඉදිරි අවුරුදු 02 ක තුලදි නාවික හා ගුවන් හමුදා මුලස්ථානයන් හී ඉදිකිරිම් අවසන් කිරිමට හැකිවනු ඇති බව කියු ජනාධිපතිවරයා එය ඉටු කිරිමට හැකිවන්නේ භාණ්ඩාගාරයෙන් නියමිත වෙලාවට මුල්‍ය ආධාර ලැබෙන්නේ නම් බවයි.

රටේ ස්භාවික ව්‍යවසනයන් ඇතිවිමේදි යුධ හමුදාව ඉටුකළ කාර්ය භාරය අසිමිත බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

එමෙන්ම පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘතිය සදහා යුධ හමුදාව ලබාදුන් දායකත්වය මෙහිදි ජනාධිපතිවරයාගේ විශේෂ ඇගයිමකට ලක්විය.

යුධ හමුදාවේ සිවිල් ඉංජිනේරු අංශය ඉදිකිරිම් වෙනුවෙන් ලබා දෙන දායකත්වය ගැන ජනාධිපතිවරයාගේ පැසසුමට ලක්විය.

ඉකුත් අප්‍රේල් 21 වෙනිදා සිදුවු පාස්කු ප්‍රහාරයේදි වලක්වා ගැනිමට තිබු බව කියු ජනාධිපතිවරයා කිහිපදෙනෙකු ගෙන් සිදුවු අත්වැරැද්ද නිසා එය එසේ සිදුකිරිමට නොහැකිවු බව ප්‍රකාශ කළා. එමෙන්ම අනාගතයේදි එවැනි සිදුවිම් ඇති නොවිමට වගබලා ගත යුතු බවද කියා සිටියා.

තමන් තව දින 08කින් ජනාධිපතිධුරයෙන් සමුගන්නා බව කියු ජනාධිපතිවරයා, ගතවු කාල සිමාව තුලදි තමන්ට ත්‍රිවිධ හමුදාව, පොලිසිය දැක්වු සහය සම්බන්ධයෙන් විශේෂ ස්තුතිය පිරිනමන බව ප්‍රකාශ කර සිටියා.


No comments:

Post a Comment

Post Bottom Ad