duminda dissanayake - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 11, 2019

duminda dissanayake

කෘෂිකර්ම අමාත්‍යාංශය ස්ථාපිත කිරීම සඳහා ඞී පී ජේ ගොඩනැගිල්ල ලබා ගැනීම සම්බන්ධයෙන් වගකිව යුත්තේ ඒ සඳහා කැබිනට් පත‍්‍රිකාව ඉදිරිපත් කළ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද දිසානායක මහතා ඊයේ (10) ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්‍ෂි ලබාදෙමින් පැවසීය.

ඒ පිළිබඳව තවදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ එම ගොඩනැගිල්ල කුලියට ලබා ගැනීමේදී මිල ගණන් වර්ග අඩි ප‍්‍රමාණය ඇතුළු සියල්ල එම කැබිනට් පත‍්‍රිකාව මගින් තීරණය වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් තමන්ට වගකිව නොහැකි බවයි. එම ගොඩනැගිල්ල කුලියට ලබා ගැනීමෙන් අනතුරුව ඊට අදාල කටයුතු කළ තමාගෙන් ඒ පිළිබඳව විමසීම නිසා තමන් අපහසුතාවයට පත්වන බව දුමින්ද දිසානායක මහතා කොමිෂන් සභාව හමුවේ වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad