මට මුදල් අමාත්‍යංශය දුන්නොත් ආර්ථික අර්බුදයක් ඇති වන්නේ නෑ.. ආර්ථිකය ගොඩනගා පෙන්වනවා.. මංගලට මුදල් අමාත්‍යංශය කරන්න බෑ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, September 15, 2019

මට මුදල් අමාත්‍යංශය දුන්නොත් ආර්ථික අර්බුදයක් ඇති වන්නේ නෑ.. ආර්ථිකය ගොඩනගා පෙන්වනවා.. මංගලට මුදල් අමාත්‍යංශය කරන්න බෑ..

මුදල් අමාත්‍යාංශය තමනට ලබා දුන්නේ නම් මේ රටේ ආර්ථික අර්බුදයක් ඇති වන්නේ නැතැයි ඇමති දයා ගමගේ මහතා සඳහන් කරයි.

අද මුදල් අමාත්‍යංශයේ වැඩ සිදුවන්නේ ඉතා අකාර්යක්ෂම බව පැවසූ ඔහු මුදල් අමාත්‍යාංශයේ තමනට භාර දෙන්නේ නම් ආර්ථිකය ගොඩනගා පෙන්වන බවද කියා සිටියේය.

මුදල් නැතැයි පවසා තමන් කිසිදිනෙක වැඩ නොකර සිටියේ නැතැයි ද පවසන ඔහු මුදල් ඉපයීමේ අපහසුව හඳුනන තමන් කිසි අවස්ථාවක අනවශ්‍ය ලෙස මුදල් වියදම් නොකරන බවද සඳහන් කළේය.

ඔහු මෙම අදහස් පළ කළේ අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ දී පැවැති උත්සවයක් අමතමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad