එස් බී, ඩිලාන්, විජිතමුණි, ලක්ෂ්මන් යාපා, ෆවුසිගේ ශ‍්‍රීලනිප සාමාජිකත්වය තහනම් කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, September 14, 2019

එස් බී, ඩිලාන්, විජිතමුණි, ලක්ෂ්මන් යාපා, ෆවුසිගේ ශ‍්‍රීලනිප සාමාජිකත්වය තහනම් කරයි

එස් බී දිසානායක, ඩිලාන් පෙරේරා, විජිත් විජිතමුණි සොයිසා, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ඒ එච් එම් ෆවුසි යන ජාතික ලයිස්තු මන්ත්‍රීවරුන්ගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට කටයුතු කරනු ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග වාර්තා කරයි.

සාමාජිකත්වය තහනම් කිරීමෙන් පසුව ඔවුන්ට චෝදනා පත්‍ර ඉදිරිපත් කරනු ඇතැයිද වාර්තා වෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය දරමින් වෙනත් පක්‍ෂ ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් මෙම පිරිසට චෝදනා කරමින් විනය පරීක්ෂණ කැඳවනු ලැබීය.

දැනටමත් එම පිරිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දරන ලද තනතුරු වලින් ඉවත් කර තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad