"ජනපති අපේක්‍ෂක නම් කරන්නේ කමිටු වාර්තාව අනුවයි" - පාන්දරම සජිත් කලබල වුණු අගමැතිගේ ප‍්‍රකාශය මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, September 17, 2019

"ජනපති අපේක්‍ෂක නම් කරන්නේ කමිටු වාර්තාව අනුවයි" - පාන්දරම සජිත් කලබල වුණු අගමැතිගේ ප‍්‍රකාශය මෙන්න

මීළඟ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා නම් කරන්නේ අපේක්ෂකයා තෝරා ගැනීමට පත්කෙරුණු කමිටුවේ වාර්තාව ලැබුණු පසු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. අගමැතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ඊයේ පස්වරුවේ මුණගැසෙමිනි.

අදාළ කමිටුව පත් කරන ලද්දේ අගමැතිවරයා සහ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර අරලියගහ මන්දිරයේ පසුගියදා පැවති සාකච්ඡාවෙදී ගත් තීරණය අනුවයි.

එම කමිටුවේ සාමාජිකයන් වන්නේ රාජිත සේනාරත්න, දිනේෂ් වීරක්කොඩි, රංජිත් මද්දුම බණ්ඩාර, කබීර් හෂීම්, මලික් සමරවික්‍රම යන පිරිසයි.


No comments:

Post a Comment

Post Bottom Ad