ජනාධිපති විය යුත්තේ සුළු ජාතින්ට වැඩ කරන අයෙක්.. එජාප අපේක්‍ෂකයා මම දන්නවා.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, September 15, 2019

ජනාධිපති විය යුත්තේ සුළු ජාතින්ට වැඩ කරන අයෙක්.. එජාප අපේක්‍ෂකයා මම දන්නවා..

සුළු ජාතින්ට වැඩ කරන ජනාධිපතිවරයෙකු මේ රටේ ජනාධිපති විය යුතු බව විශේෂ සංවර්ධන රාජ්‍යය අමාත්‍යය වි.රාධාක්‍රිෂ්ණන් මහතා පැවසිය.

රාධාක්‍රිෂ්ණන් අමාත්‍යයවරයා එ බැව් කියා සිටියේ අමාත්‍යංශයේ  රු ලක්ෂ 10 ක වියදමින් නොර්වුඩ් වෙන්චර් වතුයායට පිවිසෙන මාර්ගය කොන්ක්‍රිට් අතුරා ප්‍රතිසංස්කරණය කර වතු කම්කරු අයිතියට පත් කිරිමෙන්  අනතුරුව පැවති ජන හමුවේදිය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු  රාජ්‍යය අමාත්‍යයවරයා කියා සිටියේ ඉදිරියේදි පැවැත්වෙන ජනාධිපතිවරණය සදහා අනෙකුත් පක්ෂවලින් මේ වන විට අපෙක්ෂකයන් ඉදිරිපත් කර ඇතත් , එක්සත් ජාතික පක්ෂයෙන් මේ වන විට අපෙක්ෂකයෙකු ඉදිරිපත් නොකර ඇති බවයි.

මේ රටේ සුළු ජාතින්ට වැඩ කරන රටම ඉල්ලන එක්සත් ජාතික පක්ෂය දිනවිමට හැකි ජනාධිපති අපෙක්ෂකයෙකු එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කල යුතු බවත්, එම අපෙක්ෂකයා කවුරුද යන්න තමන් සහ වතුකරයේ ජනතාව, රටේ ජනතාව දන්නා බව රාධාක්‍රිෂ්ණන් අමාත්‍යයවරයා කියා සිටියි.

එම අපෙක්ෂකයාගේ නම තමන් කල් තියාම හෙලි නොකරන බවත්, එය එක්සත් ජාතික පක්ෂයේ කාර්යය භාරය බව අමාත්‍යයවරයා කියා සිටියේය.

ලබන වසර මැතිවරණ වර්ෂයක් බවත්, මුලින්ම ජනාධිපති මැතිවරණයත් පසුව මහ මැතිවරණයත් ඉන් අනතුරුව පලාත් සභා මැතිවරණයත් පැවැත්වෙන බව අමාත්‍යයවරයා කියා සිටියේය.

එම සැම මැතිවරණයකටම මුණ දිමට තමන්  ඇතුළු වතුකරය නියොජ්නය කරන අනෙකුත් දේශපාලඥයින් සුදානමින් සිටින බව අමාත්‍යය වි රාධාක්‍රිෂ්ණන් මහතා කියා සිටියේය.

– හැටන් රංජිත් රාජපක්ෂ

No comments:

Post a Comment

Post Bottom Ad