බෝරා සමුළුවට පැමිණි පිරිසෙන් යළිත් පිටවී ඇත්තේ 10%ක් - 90%ක් තාමත් ලංකාවේ ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 11, 2019

බෝරා සමුළුවට පැමිණි පිරිසෙන් යළිත් පිටවී ඇත්තේ 10%ක් - 90%ක් තාමත් ලංකාවේ !

ම්බලපිටිය ප‍්‍රදේශය ආශ‍්‍රිතව පැවැති බෝරා සමුළුවට පැමිණි පිරිසෙන් සියයට 90 කට ආසන්න පිරිසක් ශ‍්‍රී ලංකාව තුළ තාවකාලිකව නතර වී තිබෙනවා.

බෝරා ප‍්‍රජාවේ මෙරට නියෝජිතයෙකු ප‍්‍රකාශ කළේ සමුළුවට පැමිණි සියයට 10 ක් පමණක් යළි සිය රටවලට ගොස් ඇති බවයි.

සෙසු පිරිස ශ‍්‍රී ලංකාවේ සංචාරය කරන බවත්, වැදගත් ස්ථාන නැරඹීම ඔවුන්ගේ අරමුණ බවත්, මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. බෝරා සමුළුවට පැමිණෙන විදේශිකයින්ගෙන් සියයට 50 ක් පමණ ශ‍්‍රී ලංකාවට පැමිණීයේම සංචාරය කිරීම ද අරමුණක් කර ගනිමින් බව ඔහු කියා සිටියා.

මෙරට සිටින සිය ඥාතීන් හමුවීම ද අරමුණක් කර ගනිමින් තවත් සියයට 10 ක පිරිසක් ශ‍්‍රී ලංකවේ නතර වූ බවයි මෙරට නියෝජිතවරයා නෙත් නිවුස් වෙත පැවසුවේ.

කෙසේවෙතත්, මෙරටට පැමිණි සියලූ විදේශිකයින් ඉදිරි සතිය තුළදී යළි සිය රටවල් බලා යනු ඇති බව ද මෙහිදී විශ්වාසය පළ කෙරුණා.

ලොව පුරා වෙසෙන බෝරා ප‍්‍රජාව නියෝජනය කරමින් ශී‍්‍ර ලංකාවේ පැවැත්වුණේ 2019 ජාත්‍යන්තර බෝරා සමුළුවයි. ඉකුත් පළමු වැනිදා ආරම්භ වූ මෙම සමුළුව ඊයෙන් (10) අවසන් වුණා.

රටවල් 40 ක පමණ ආධ්‍යාත්මික නායකයින් ඇතුළු 27,500 කට අධික පිරිසක් ඊට සහභාගී වුණා. මෙම සමුළුව හරහා ශ‍්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 35 කට අධික විදේශ විනිමයක් හිමිවුනු බවට ද වාර්තා පළ වුණා.


No comments:

Post a Comment

Post Bottom Ad