ටෙලි නළුවාගේ හොර බඩු හොරාටම වික්ක රේගු මහ හොරු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, August 20, 2019

ටෙලි නළුවාගේ හොර බඩු හොරාටම වික්ක රේගු මහ හොරු

මෙරට සිටින බොහෝ ව්‍යාපාරිකයන් විදේශයන් සමඟ ගනුදෙනු කිරීමේදී ශ්‍රී ලංකා රේගුව හරහා සිදුවන්නේ මහඟු කාර්යයකි. මේ කාර්යයේදී ශ්‍රී ලංකා රේගුව මඟින් රජයට බදු ආදායම් උපයා දෙමින් තහනම් භාණ්ඩ රටට ඇතුළු වීම වළකාලයි. ඒ සඳහා නීතිරීති අණපනත් ඇති අතර රේගු නිලධාරීන් එම කාර්යය ඉටු කිරීමට බැඳී සිටී.

මේ ශ්‍රී ලංකා රේගුව ගැන සාමාන්‍ය ජනතාව දන්නා විධියයි. එහෙත් මේ නීති රාමුවට පිටින් යමින් සමහර රේගු නිලධාරීන් ක්‍රියා කරන ආකාරයද පෙනේ. ඉන් එක් ප්‍රතිඵලයක් ලෙස මෙරටට ගෙන ආ ෆාම් ඔයිල් අඩංගු කන්ටේනර් පහක් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට හොරට විකිණීමයි. භාවිතයට නුසුදුසු යැයි කියා නිට්ටඹුවේ තැනකට ගොස් විනාශ කිරීමට සූදානම් බව පවසා අදාළ ෆාම් ඔයිල් කන්ටේනර් පහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ව්‍යාපාරියකුට විකුණා තිබිණි.

එම කන්ටේනර් තොගය විකිණීමට සම්බන්ධ රේගු නිලධාරීන්ම කළ තවත් වංචනික ක්‍රියාවක තොරතුරු අප වෙත වාර්තා වෙයි. ඒ පසුගිය ජුනි මාසයේදී ප්ලාස්ටික් මල් අඩංගු කන්ටේනරයක් නියමිත මිලට වඩා අඩුවෙන් විකිණීමයි.

මෙරට ප්‍රසිද්ධ ටෙලි නළුවකු විසින් ගෙනැවිත් තිබූ මෙම ප්ලාස්ටික් මල් කන්ටේනරය වංචනික ලෙස ගෙන ආ බව ශ්‍රී ලංකා රේගුව පවසයි. බිත්ති කාපට් ගෙන එන මුවාවෙන් ගෙනැවිත් තිබූ ප්ලාස්ටික් මල් ටෙලි නාට්‍ය හා චිත්‍රපට වෙනුවෙන් භාවිත කරන බව නළුවා රේගුවට පවසා තිබේ. එහෙත් දිගින් දිගටම මේ ආකාරයට බිත්ති කාපට් ගෙන ඒම ගැන සැක සිතූ රේගු නිලධාරීන් අදාළ නළුවාගෙන් මේ ගැන විමසා බහාලුමක් විවෘත කර බැලීමේදී අදාළ බහාලුමේ තිබී ඇත්තේ බිත්ති කාපට් නොව ප්ලාස්ටික් මල්ය. මේ ගැන නළුවාගෙන් විමසූ විට ඔහු පවසා ඇත්තේ තමන් චිත්‍රපට සහ ටෙලි නාට්‍ය නිෂ්පාදනය කරන බැවින් අදාළ මල් තොගය ගෙන්වා ඇති බවයි. 

'ඹ්චදඬච තඥචඤඥපඵ (නමබ) තබඤ ට්පධභන ධට ඒණඪබඩ ටඪතථඵ' යන නමින් ලියාපදිංචි සමාගමක් හරහා මෙම ප්ලාස්ටික් මල් බහාලුම් ගෙන්වා තිබේ. ඊට අදාළ ලිපිනය වන්නේ නො. 1/11, 603 බේස්ලයින් පාර, කොළඹ 09 ලෙසය.

එම ලිපිනයට ලියාපදිංචි ආයතනය මඟින් බිත්ති කාපට් ගෙන එන මුවාවෙන් ගෙන ආ ප්ලාස්ටික් මල් අඩංගු බහාලුමේ අංකය වන්නේ ඊඩ්ඒඹ්ඒඉඉඒ ඊකඩ්ධ් 16/10/2018 ය. අදාළ කන්ටේනරයේ බෙයාරින් අංකය වන්නේ ඛ්ඉව්උ 6888368 (1ය4ඛ්) (ඹ්ඛ්ඹ්) ය. මෙම බහාලුම 2018 ඔක්තෝබර් මාසයේදී එළියට ගෙන යෑමට උත්සාහ කිරීමේදී රේගු නිවාරණ අංශය මඟින් නවතා ඇත. එම බහාලුම ට් ව්ර්ණී: 501 890 පිට කිරීමේ අවසර පත්‍රය අනුව 2018.10.23 දින වරායෙන් පිට කිරීමට උත්සාහ කර ඇත. එම ප්ලාස්ටික් මල් බහාලුම පිට කිරීමට ගත් රේගු සටහන් අංකය ලෙස 173385 යටතේ 26 ශ්‍රී 1226 ලොරි රථයෙන් පටවාගෙන යෑම සිදුකර ඇත. එම බහාලුම අයත් අය ලෙස සඳහන් වෙන්නේ අජිත් ෆිල්ම්ස් කියාය.

මේ ආකාරයට වරායෙන් පිටමං කිරීමට හැදූ බහාලුම් රේගුවේ රේගු නිවාරණ අංශයේ අත්අඩංගුවට පත්විය. කෙසේ හෝ බහාලුම පිටතට ගෙන යෑමට නොදී රේගු නිවාරණ අංශය විමර්ශන අරඹා තිබේ. මේ විමර්ශන කටයුතුවලදී මුලින්ම අනාවරණය කරගෙන තිබුණේ වෝල් කාපට් ලෙස නම්කොට ප්ලාස්ටික් මල් ගෙනැවිත් තිබෙන්නේ සෙස් බදු හා අනෙකුත් බදුවලින් බේරීම සඳහා බවය.

ලංකාවට ගෙන එන ප්ලාස්ටික් මල් කිලෝවක් සඳහා රුපියල් දහසක සෙස් බද්දක් රේගුව අයකර ගනී. නමුත් අජිත් ෆිල්ම්ස් ආයතනය ප්ලාස්ටික් මල් ගෙනැවිත් වෝල් කාපට් ලෙස නම් කර අඩු බද්දක් රේගුවට ගෙවා බඩු පිටමං කිරීමට උත්සාහ දරා ඇත. එහිදී වරායට බඩු ගෙන එන විට ගෙන එන්නේ මොනවා දැයි සටහන් කර ඩ්.ඉ. අංකයක් ගත යුතුය. මෙම ඩ්.ඉ. අංකය අනුව ගෙන එන බඩුවලට නියමිත බදු මුදල තීරණය කරයි.

නියමිත බදු නොගෙවා වංචනික ලෙස ප්ලාස්ටික් මල් බහාලුම පැන්නීමට මේ අය යොදාගෙන තිබූ ඩ්.ඉ. අංකය වන්නේ 3918.90.00ය. ඒ වෝල් කාපට් සඳහාය. නමුත් එම බහාලුමේ ඇත්තේ මල්ය. මෙම විමර්ශන කටයුතුවලදී අදාළ ටෙලි නළුවාගෙන් රේගුව විමසා ඇත්තේ අදාළ නැති භාණ්ඩවලට අයත් ඩ්.ඉ. අංකයක් යොදාගෙන ප්ලාස්ටික් මල් ගෙන ආවේ ඇයිදැයි කියාය. එහිදී ටෙලි නළුවා කියා ඇත්තේ මීට පෙරද භාණ්ඩ ගෙන ඒමේදී අනුගමනය කළේ එම ක්‍රියා මාර්ගය බවයි.

මෙහිදී ඇති වූ වාදයත් සමඟ නළුවාම ඉල්ලා ඇත්තේ මේ ගැන වැඩිදුර විමර්ශනය කරන ලෙසයි. එහිදී රේගුව මේ සම්බන්ධව සොයා බලා තීන්දු ලබාදෙන ඛ්තචඵඵඪටඪජචබඪධද (වර්ගීකරණ) අංශය වෙත භාරදෙන ලදී. එහිදී වර්ගීකරණ අංශයේ නිගමනය වූයේ ටෙලි නළුවාට වෝල් කාපට් මුවාවෙන් ප්ලාස්ටික් මල් ගෙන ඒමට ලබාදී තිබූ 3918.90.00 දරන ඩ්.ඉ. අංකය වැරැදි බවයි. ඒ සඳහා නිවැරැදි ඩ්.ඉ. අංකය වූයේ 6702.10.00ය. එසේ කියා වර්ගීකරණ අංශය පරණ ඩ්.ඉ. අංකය ඉවත් කළේය. අදාළ අලුත් ඩ්.ඉ. අංකය ලබාදුන්නේ 2018.12.20 දිනය. එය තවදුරටත් පැහැදිලි කරමින් රේගුවේ වර්ගීකරණ අංශය ඛ්උඉච්ර්ණීඛ් ව්ර්ණී. 117 3385 යටතේ එය තවදුරටත් පැහැදිලි කරමින් විස්තර කර ඇත. ඒ 2018.12.23 දිනය.

මේ ගෙන ආ ප්ලාස්ටික් මල් එකින් එකට ගැලවිය හැකි පරිදි ගෙන විත් ඇත්තේ ව්‍යාපාරයකට බව පැහැදිලි යැයි ශ්‍රී ලංකා රේගුව ඉන් අනාවරණය කරගෙන තිබිණි. මේ හේතුවෙන් තවදුරටත් වැඩිදුර විමර්ශනය කිරීමේදී රේගු නිලධාරීන් සොයාගෙන තිබුණේ නළුවාට අයත් සමාගම හරහා මීට පෙර ගෙනැවිත් තිබූ බහාලුම් සඳහාද නිසි තීරු බදු නොගෙවා වංචා කොට ඇති බවකි.

රේගු නිවාරණ අංශය මේ ගැන කළ ..... විමර්ශනයේදී අනාවරණය වූයේ චීනයේ ඛඩ්ඥණඪචදඨ ර්ඪදලධ දඥඹ ථචබඥපඪචත ජධ.ඹ්බඤ සමාගම හරහා අදාළ ප්ලාස්ටික් මල් තොගය මෙරටට ගෙන්වා ඇති බවකි. එසේම අදාළ සමාගම මේ බහාලුම් මෙරටට ගෙන ඒමේදී ණයවර ලිපි ඇරීමෙනි.

ණයවර ලිපි ඇර තිබූ බැංකුවෙන් ශ්‍රී ලංකා රේගුව මීට අදාළ තොරතුරු විමසා ඇත. එහි ඊඅඍ/ඊධ්/18/09166 ධට 26/04/2018, ඊඅඍ/ඊධ්/18/36 775 ධට 10/09/2018, ඊඅඍ/ධ්ඊ/18/05365ධට/23/02/2018, ඊඅඍ/ධ්ඊ/18/00071, 23/02/2018/ඊඅඍ/ඊධ් 18/11188 ධට 12/06/2018 ගනුදෙනු සඳහා ණයවර ලිපි ඇරීමෙන් ඒ සඳහා ලබාදී ඇති ඩ්.ඉ. අංකය සඳහා දී ඇති මිල ගණන් ගැනද විමසා තිබේ. එහිදී අදාළ බැංකුවෙන් 2018.01.02 දින ඇමෙරිකන් ඩොලර් 897ක ණයවරයක් ඉල්ලා අස්සන් කර තිබිණි. 8400108865080යයයයය ගිණුම් අංකය යටතේ අදාළ ණයවරය ඉල්ලා ඇත්තේ චයිනා බැංකුවේ මයිසොහොසු ශාඛාවෙනි.

ඊඅඍ/ඊධ්/18/00071 ඉන්වොයිසිය සඳහා ඉල්ලා තිබූ ණයවරයේ ඩ්.ඉ. අංකය ලෙස සඳහන් වෙන්නේ 67029000 යනුවෙනි. ඒ බැංකු අයකරය ඉල්ලා ඇත්තේ වෝල් කාපට් ගෙන ඒම සඳහාය. ලංකාවේ අදාළ බැංකුව මඟින් 14/02/2018 දින එම ණයවරය නිකුත් කර ඇත.

මෙහි ඇති හොරකම සහ වංචනික ක්‍රියාව ඔප්පු කර ගැනීමට රේගු විමර්ශන නිලධාරීන්ට හැකි වී තිබේ. ලංකා ලීඩර්ස් පෞද්ගලික සමාගම හිමි ජනප්‍රිය ටෙලි නළුවා ශ්‍රී ලංකා රේගුවේ විමර්ශන නිලධාරීන් නොමඟ යවමින් කියා තිබුණේ ඩ්.ඉ. අංක 3918.90.00 යටතේ ප්ලාස්ටික් මල් ගෙන ආ බවකි. ඒ අංකය යටතේ දිගටම තවත් ගෙන ආ බවත් ඒ නිසා එම අංකය යටතේ ප්ලාස්ටික් මල් බහාලුමද නිදහස් කරන ලෙසය. නළුවාගේම ඉල්ලීම පරිදි රේගුවේ වර්ගීකරණ අංකය වෙත යොමු කරමින් මේ පිළිබඳව කළ වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වූයේ රේගුවට හමුවූ ප්ලාස්ටික් මල් තොගය ගෙන ආ හැකි ඩ්.ඉ. අංකය ලෙස 6702.10.00 කියාය. රේගුවට බොරු කර බැංකුවට ඇත්ත ඩ්.ඉ. අංකය දීමට නළුවා කටයුතු කර තිබේ.

එසේම ඩ්.ඉ. අංක 3918.90.00 යටතේ තමන් ප්ලාස්ටික් මල් නොගෙන ආවා යැයි නළුවා කිව්වත් ඔහු ඊඅඍ/ඊධ්/18/00071 යටතේ ගෙනැවිත් තිබූ භාණ්ඩ සඳහා බැංකු ණයවරයක් ඉල්ලා තිබුණේ 670029000 යටතේය. එසේ නම් නළුවා ඩ්.ඉ. අංක 67 යටතේ වර්ගීකරණයට අයත් භාණ්ඩ මීට පෙරද ලංකාවට ගෙනැවිත් ඇත. ඉතා කූට අන්දමින් රේගුවද නොමඟ යවා ඇතැම් රේගු නිලධාරීන්ගේ සහාය ඇතිව ලංකා රජයට විශාල බදු ආදායමක් අහිමි කර ඇති බව රේගු විමර්ශන අංශ කියයි. මෙලෙස ඔහු කාලයක් තිස්සේ ප්ලාස්ටික් මල් ගෙනැවිත් ඇති බවට රේගු විමර්ශන ඒකකය සොයාගෙන ඇත.

කාලයක් තිස්සේ බදු නොගෙවා ප්ලාස්ටික් මල් චීනයෙන් ගෙන්වා විශාල ආදායමක් ලැබීමට මේ නළුවා කටයුතු කර ඇතැයි රේගු විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

චීන සමාගම යටතේ ලංකා ලීඩර්ස් පෞද්ගලික සමාගම වෙත එව්. රිසිට් අංක 35261 යටතේ බිත්ති කාපට් සඳහා ඇ.ඩො. 707ක මුදලක් ගෙවා ඇත. මේ බිත්ති කාපට්ද ගෙනැවිත් තිබුණේ ඩ්.ඉ. අංක 67 කාණ්ඩයට අයත්වය. එසේ නම් එම බහාලුමේද නළුවා ගෙනැවිත් ඇත්තේ ප්ලාස්ටික් මල් බව අනාවරණය කරගෙන තිබේ. තවද 2018.10.23 දින ශ්‍රී ලංකා රේගුව වෙත සියලු බදු ගාස්තුද ඇතුළුව රුපියල් 2,35,966ක් ගෙවා බහාලුමක් නිදහස් කරගෙන ඇත. ඒ ඒ ඩ්.ඉ. අංක 39189000 යටතේය. රේගුවට හසුවූ ප්ලාස්ටික් මල් ගෙන ආවේ එලෙසිනි. මේ සඳහා අදාළ චීන සමාගමට ඇ.ඩො. 975.56ක මුදලක් ගෙවා ඇත. අදාළ බහාලුම කිලෝ 1,238ක් බරින් යුක්ත බවද අදාළ රිසිට් පතෙහි (173385) සඳහන් වෙයි. එහි බහාලුම් රිසිට් පත වූයේ ඊඅධ්/ඊධ්/1836775ය.

මේ ආකාරයට අනෙකුත් බහාලුම් හරහාද නළුවා රජයට රේගු බදු නොගෙවා වංචා කර ඇති බවට විමර්ශන අංශ අනාවරණය කරගෙන තිබිණි. මේ කාර්යයේදී නළුවාට රේගුවේ විශ්‍රාම ගිය නිලධාරියකුගේ සහ ඇතුළේම සිටින නිලධාරීන් පිරිසක් උදවු කර තිබේ. තම සේවාදායකයා අතින් වරදක් සිදුවී නැති බව කියමින් අදාළ නිලධාරීන් රේගුවේ ඉහළ නිලධාරීන් වෙතද දැනුම් දී ඇති බවට වාර්තා වෙයි.

මේ නළුවා මෙතෙක් ගෙන ආ ප්ලාස්ටික් මල් බහාලුම් වෙනුවෙන් කරන ලද වැරැදි ගැන රේගුව විශේෂ අවධානය යොමු විය. එහිදී ඔහු විසින් කළ පෙර වැරැදී කිහිපයක් හසු වී තිබේ. ඒ අනුව 2018.10.23, 2018.06.12, 2018.02.23 දින ලංකාවට ගෙන ආ බහාලුම්වලට අදාළ රේගු බදු පැහැරහැරීම මත රුපියල් හැටලක්‍ෂ විසි තුන්දහස් එකසිය අනූනවයක් ගෙවීමට රේගුව නියම කරන ලදී. නමුත් එහිදී අදාළ නළුවා රේගුව හමුවේ ඉල්ලා ඇත්තේ තමන් ලංකාවේ ප්‍රසිද්ධ පුද්ගලයකු බවත් මේසා අසාධාරණයක් නොකර සාධාරණ ගණනක් නියම කරන ලෙසය. එහිදී රේගුවේ විමර්ශන නිලධාරියකු රුපියල් හැට ලක්‍ෂ විසිතුන් දහස් එකසිය අනූනවයක් ගෙවනවා වෙනුවට රුපියල් ලක්‍ෂ 25ක මුදලක් ගෙවීමට නියම කළේය. 

ඒ අනුව රේගුව නළුවාගේ පෙර වැරැදි නොසලකා හැරියේය. ලක්‍ෂ හැට ගණනක් ගෙවා ගැනීමට බැරි බව කියා නළුවා අභියාචනා රැසක් රේගුව වෙත ඉදිරිපත් කර තිබූ බවට තොරතුරු ඇත. ඒ නිසා ඒ ගැන සලකා බලා රේගුව මේ තීරණය ගත් බවට තොරතුරු තිබේ.

එසේ තිබියදී ලංකා ලීඩර්ස් පෞද්ගලික සමාගමේ හිමිකරු වන මේ නළුවා කළේ තමන්ට ප්ලාස්ටික් මල් අවශ්‍ය නැති බව රේගුවට ලිඛිතව දැනුම් දීමයි. ඒ සඳහා ඔහු හේතු සාධක ලෙස පෙන්වා ඇත්තේ තමන් මල් ගෙන ආ චිත්‍රපටය පටිගත කර අවසන්ව ඇති නිසා මේ මල් ටිකෙන් වැඩක් නැතැයි කියාය. ඉන්පසු ශ්‍රී ලංකා රේගුව විමර්ශන තාවකාලිකව නවතා ඉදිරි පියවර ගැන බැලීය. ප්ලාස්ටික් මල් තොගය නිදහස් නොකර ගන්නා නිසා මේ සිද්ධියේ ප්‍රධාන විමර්ශන නිලධාරි තීන්දු කළේ අදාළ මල් තොගය විකිණීමටය. ඒ හරහා රජයට හිමිවිය යුතු මුදල ලබා ගැනීමටය. මල් ගෙන ආ නළුවා මල් බහාලුම රැගෙන නොයන නිසාත් ඔහු එය නිදහස් කර ගැනීමට අකැමැති වූ නිසාත් ටෙන්ඩර් පටිපාටියකට යටත්ව මල් තොගය විකිණීමට සැලසුම් සකස් කෙරිණි. එය රේගුවේ මධ්‍යම අපහරණ අංශය මඟින් කළ යුතුව තිබිණි. එම අංශයේ රේගු අධිකාරි කපිල විජේවීර සහ එතැන හිටපු රේගු නිලධාරීන් කිහිපදෙනකු එකතුව මේ මල් සඳහා ඒ අයගේ තක්සේරුවක් ගෙන තිබිණි. 

ඔවුන් මේ තක්සේරුව කර තිබුණේ හරි අපූරු ආකාරයටය. නළුවාට අදාළ බහාලුම නිදහස් කර ගැනීමට රුපියල් ලක්‍ෂ 25ක මුදලක් නියම කර තිබියදී රේගු මධ්‍යම අපහරණ අංශයේ නිලධාරීන් එය රුපියල් එක්ලක්‍ෂ පනස්හය දහසකට තක්සේරු කර ඇත. අනෙකුත් බදුද සහිතව ප්ලාස්ටික් මල් ඇසුරුම් බහාලුම රුපියල් එක්ලක්‍ෂ අනූපන් දහසකට විකිණීමට එම නිලධාරීන් තීරණය කොට විකුණා ඇත.

රේගු විමර්ශන නිලධාරීන් අදාළ බහාලුම රුපියල් ලක්‍ෂ 25ක මුදලකට විකිණිය යුතු යැයි කියා තිබියදී මධ්‍යම අපහරණ අංශය එය කුණු කොල්ලයට විකුණා ඇත. ඊට අදාළ මුදල් කුවිතාන්සියේ අංකය වන්නේ 986595ය. මුදල් ගෙවූ පසු බඩු ගෙන යෑම සඳහා අවසර පත්‍රයක්ද දී ඇත. එය ම් 118088 ය. එම මල් තොගය 26-1263 ලොරියේ එළියට යන්නේද ප්ලාස්ටික් වෝල් කාපට් ලෙසිනි.

නළුවා ගෙන ආවේ වෝල් කාපට් නොව ප්ලාස්ටික් මල් කියා විමර්ශන මඟින් තහවුරු කරගෙන තිබියදීත් ර්ථීඅඡ්ඍ/2018/532/ඛ්ඛ්අ/3217 අංකය යටතේ ජපානයේ වෙයාර් හවුස් එකකට වෝල් කාපට් විකුණනවා කියා එම මල් තොගය නළුවාටම විකුණා තිබේ. එම බහාලුම නිදහස් කරගෙන ඇත්තේ ඩබ්ලිව්.ඒ.ඒ. වීරසිංහ නමැත්තෙකි. ඒ 2019/7/5 දින සවස 2ටය. නැත්නම් 14 පැයටය. මෙම මල් තොගය රේගුවේ තිබියදී අදාළ නිලධාරීන් සමඟ ඇති කරගත් යටිකූට්ටු වැඩක ප්‍රතිඵලයක් ලෙස එය විකුණා ඇත.

මේ මුදලට මල් විකුණූ­ නිලධාරීන් විසින් 2019.07.05 දින රේගුවට රුපියල් 1,95,000ක මුදලක්ද ගෙවා ඇත. ඒ ප්ලාස්ටික් මල් අඩංගු බහාලුම ජපාන වෙයා හවුස් එකකට විකුණුවා යැයි කියමිනි. අදාළ ජපාන වෙයාර් හවුස් එකේ හිමිකරු ලෙස ප්ලාස්ටික් මල් තොගය මිලදී ගන්නේද නළුවාම වීමද විශේෂත්වයකි. රේගුව රවටා රේගු නිලධාරීන් විසින්ම මේ වංචාව කර ඇත.

මේ සිදුවීම කර ඇත්තේ ඉහත කී රේගු අධිකාරිවරයකුගේ උපදෙස් මත බව කියැවෙයි. ඔහුගේ උපදෙස් මත තක්සේරු නිලධාරියා විසින් නළුවාගේ අවශ්‍යතාවට බහාලුම අඩු මුදලට විකුණා තිබේ. මේ රේගු අධිකාරිවරයා පසුගියදා ෆාම් ඔයිල් සිද්ධියටද සම්බන්ධව අනිවාර්යයෙන්ම නිවාඩු යැවූ අයකු බව රේගු නිදහස් සේවක වෘත්තීය සමිතිය පවසයි.

23.10.2018 ගෙන ආ බහාලුමට අදාළ ඹ්ඩ්ඉ අංකය යටතේ නළුවා රේගුවට රුපියල් 15,54,065ක් ගෙවිය යුතුය. නමුත් ඔහු ගෙවා තිබුණේ 235,966ක මුදලකි. ඒ අනුව ඔහු විසින් රජයේ ආදායමට විශාල මුදලක් අහිමි කර ඇත. ඔහු මේ මල් තොගය චීනයෙන් ගෙන ඇත්තේ රුපියල් 34,522.60ක මුදලට බවද ශ්‍රී ලංකා රේගුවේ විමර්ශන නිලධාරීන් සනාථ කර ගෙන ඇත.

අදාළ රේගු විමර්ශනය සිදුවූයේ ර්ථීඅඡ්/0532/2018 අංකය යටතේය. මේ හරහා සිදුකළ විමර්ශනවලදී අනාවරණය කරගත් කරුණු උල්ලංඝනය කරමින් කටයුතු කිරීමට රේගු අධිකාරිවරයා ඇතුළු පිරිස ක්‍රියාත්මක කර ඇත. යම් භාණ්ඩයක් රේගු බදු නොගෙවා හොරෙන් නිදහස් කර ගැනීමට උත්සාහ දැරීමේදී හෝ සැක කටයුතු බඩු ඇතුළත් බහාලුමක් නිදහස් කර ගැනීමේදී රේගු අත්අඩංගුවට පත්වන්නේ නම් ඊට අදාළ නීතිරීති ක්‍රියාත්මක කිරීම රේගුව සතුය. නමුත් මෙහිදී අදාළ රේගු අධිකාරිවරයා කර ඇත්තේ රේගු නීති උල්ලංඝනය කිරීමකි. තහනම් බඩු හෝ බදු වංචා බඩු නිදහස් නොකර ගන්නා විට රේගුව එම භාණ්ඩ තක්සේරු කොට විකුණයි. නමුත් මේ විකිණීමේදී මොනම අවස්ථාවකවත් අදාළ භාණ්ඩ ගෙන ආ පුද්ගලයාටම විකුණන්නේ නැත. රේගු නීතියට අනුව එය වැරැදිය.

නමුත් අදාළ රේගු අධිකාරිවරයා කර ඇත්තේ රේගු නීතිය අමු අමුවේ උල්ලංඝනය කිරීමකි. ඒ නිසා මේ ක්‍රියාදාමයට සාධාරණ විසඳුමක් බලාපොරොත්තු වන බව රේගුවේ විමර්ශන නිලධාරීන් කියා සිටී.

ප්‍රගීත් සම්පත් කරුණාතිලක

No comments:

Post a Comment

Post Bottom Ad