20යි විස්සේ නායකත්වයට සීතල යුද්ධයක් ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 21, 2019

20යි විස්සේ නායකත්වයට සීතල යුද්ධයක් !

ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි - 20 කණ්ඩායමට මේ දක්වා නිල වශයෙන් නායකයකු පත්කර නොමැති අතර එහි නායකත්වයට ක්‍රීඩකයන් කීපදෙනකු අතර සීතල යුද්ධයක් නිර්මාණ වී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි. නවසීලන්තය සමග ලබන මස පැවැත්වෙන තරගාවලියේදී ශ්‍රී ලංකා විස්සයි - 20 කණ්ඩායමේ නායකත්වයට ලසිත් මාලිංග පත් කිරීමට ක්‍රිකට් තේරීම් කමිටුව මීට පෙර සැලසුම් කොට තිබුණි.
ක්‍රීඩා බලධාරීන් මේ වන විට පවසන්නේ විස්සයි 20 නායකයකු පිලිබඳ අවසන් තීරණයකට තවමත් පැමිණ නොමැති බවයි.

මාලිංග නායකත්වයට පත්නොකරන ලෙස ඇතැම් ක්‍රීඩකයන් මේ වන විටත් ක්‍රීඩා බලධාරීන් දැනුවත් කර ඇති බවද පැවසේ.

ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායමේ නායකත්වයට කුසල් පෙරේරා හෝ නිරෝෂන් දික්වැල්ල පත්කිරීමට මේ වන විට අවදානය යොමු වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් වාර්තා කරයි.

ලබන මස (01) වැනිදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පළමු විස්සයි 20 තරගය ඇරඹීමට නියමිතව තිබේ. මෙම තරගාවලියේ තරග 3ම පැවැත්වෙන්නේ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ වීමද විශේෂත්වයකි.


No comments:

Post a Comment

Post Bottom Ad