වඳ සැත්කම් කල බව කියන සාෆිගේ නඩුව අද - අධිකරණයට විශාල ජනකායක් ඒවියැයි සැකයක් ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 11, 2019

වඳ සැත්කම් කල බව කියන සාෆිගේ නඩුව අද - අධිකරණයට විශාල ජනකායක් ඒවියැයි සැකයක් !

වෛද්‍ය මොහොඩ් සාෆි සම්බන්ධයෙන් වන නඩුව කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයේදී අද (11දා) දින යළි කැඳවීමට නියමිතව ඇති බැවින් අධිකරණ පරිශ්‍රයට දැඩි පොලිස් ආරක්ෂාවක් ලබාදීමට පොලිසිය තීරණය කර තිබෙනවා. මෙම නඩුව කැඳවෙන අද දිනද විශාල ජනකායක් අධිකරණය ඉදිරිපිටට පැමිණේවි යැයි අපේක්ෂාවෙන් නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා මෙලෙස පොලිස් ආරක්ෂණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවද උසස් පොලිස් නිලධාරියකු පැවසුවා.


සිසේරියන් සැත්කම් සිදු කිරීමේදී මවුවරුන් වඳ භාවයට පත් කිරීම ඇතුළු චෝදනා කිහිපයක් වෛද්‍ය මොහොමඩ් සාෆිට එල්ල වී ඇත.

රැඳවුම් නියෝග මත ඔහු තවදුරටත් රහස් පොලිසිය භාරයේ සිටී.

මව්බිම


No comments:

Post a Comment

Post Bottom Ad