බදියුදීන් ඉල්ලා අස්වීමට සූදානම් - දයා ගමගේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 23, 2019

බදියුදීන් ඉල්ලා අස්වීමට සූදානම් - දයා ගමගේ

බදියුදීන් ඉල්ලා අස්වීමට සූදානම් - දයා ගමගේ

අමාත්‍ය රිෂාර්ඩ් බදියුදීන් මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනඒමේ කිසිඳු අවශ්‍යතාවක් නොමැති බව කම්කරු, වෘත්තිය සමිති සබඳතා සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි.

කොළඹ ඊයේ(22) පස්වරුවේ පැවති වැඩ සටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අඳහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඔහුට එරෙහිව චෝදනා ඇත්නම් ඔහු සිය තනතුරුවලින් ඉවත්වනු ඇති බවයි.

අමාත්‍ය රිෂාර්ඩ් බදියුදීන් මහතාට එරෙහිව යම් චෝදනාවක් එල්ල වී ඇත් නම් අමාත්‍යවරයා විසින්ම ඉවත්වීම ගැන තිරණය යුතු බව අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි.

මේ අතර අමාත්‍ය දයා ගමගේ මහතා පෙන්වා දෙන්නනේ අමාත්‍ය රිෂාර්ඩ් බදියුදීන් මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමේ කිසිඳු අවශ්‍යතාවක් නොමැති බවත් අමාත්‍ය රිෂාර්ඩ් බදියුදීන් මහතා විසින්ම අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණයක් ගෙන ඇති බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad