අධ්‍යාපනය කඩාකප්පල් නොකර දරුවන් පාසල් යවන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, May 19, 2019

අධ්‍යාපනය කඩාකප්පල් නොකර දරුවන් පාසල් යවන්න

අධ්‍යාපනය කඩාකප්පල් නොකර දරුවන් පාසල් යවන්න

දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වීමට ඉඩ නොතබා ඔවුන් පාසල් යැවීමට කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කර සිටියි.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස නාහිමියන් බැහැදැකීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානය වෙත අද පෙරුවරුවේ පැමිණියේය.

පාසල් වැඩ කටයුතු අතපසු වීම හේතුවෙන් වාර විභාග නොපවත්වා අධ්‍යාපන කටයුතු සිදුකර පාසල් වාරය අවසන් කරන්න ගුරු සංගම් මඟින් ඉල්ලීමක් කර ඇති බව හා ඒ පිළිබඳ ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව මාධ්‍යෙව්දියෙක් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ කිසිදු න්‍යාය පත්‍රයකට පාසල් අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට ඉඩ නොදෙන බවයි.

ඇතැම් පිරිස් ඒ සඳහා විවිධ කටකතා පැතිරවුවද දරුවන්ගේ පාසල් අධ්‍යාපනය කඩාකප්පල් නොකරමින් දරුවන් පාසල් එවන ලෙස ඔහු ප්‍රකාශ කර සිටියේය.

එසේම බොහෝ නායකයින් පාසල් විවෘත නොකරන ලෙස පැවසුවද පාසල් විවෘත කිරීමේ මතයට තමන් පැමිණි මතය ගැන සතුටු වන බව ද අකිල විරාජ් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

එසේම අපේ රටට අනන්‍ය වු සිංහල බෞද්ධ අනන්‍යතාවක් ඇති අතර එම සංස්කෘතිය තුළින් සියලු ආගම් රට තුළ ගොඩනැගුණු බව ඔහු ප්‍රකාශ කර සිටියේය.

මේ රට සිංහල බෞද්ධ රටක් වන අතරම අනෙකුත් සියලු සියළුම ආගම්වලට සමාන අයිතිවාසිකම් ඇති බවත් බෞද්ධ පදනම සහ සංස්කෘතිය ආරක්ෂා කරමින් අන්‍යාගමිකයින්ට නිසි තැන ලබාදීම සිදුකළ යුතු බව ඔහු කියා සිටියි.

No comments:

Post a Comment

Post Bottom Ad