කිසිදු බියකින් තොරව වෙසක් සමරන්න යැයි අගමැති කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 18, 2019

කිසිදු බියකින් තොරව වෙසක් සමරන්න යැයි අගමැති කියයි

කිසිදු බියකින් තොරව වෙසක් සමරන්න යැයි අගමැති කියයි

කොළොන්නාව වෙසක් කලාපය විවෘත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළොන්නාව, ඔර්ලෝසු කණුව අසලදී පැවැත්විණි.  

ඊයේ (17) දින සිදු කළ මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර්, කො‍ළොන්නාව නගරාධිපති ගුත්තිල සිල්වා යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

එහිදී අග්‍රාමාත්‍යවරයා මෙලෙස අදහස් දැක්වීය.

"අද කොළොන්නාවේ වෙසක් කලාපය ආරම්භ කරනු ලැබුවා. මහනායක ස්වාමීන් වහන්සේලාගේ ඉල්ලීම පරිදි අප සියලූ දෙනාම ප්‍රතිපත්ති සහ ආමිස පූජාවට මුල් තැන දී වෙසක් පොහොය සැමරීම පිළිබඳ මෙම අවස්ථාව හොඳ උදාහරණයක් බව කිව යුතුයි. කිසිදු බිය සැකයකින් තොරව හෙට සහ අනිද්දා දිනයන්හි වෙසක් සැමරුම් කටයුතු සිදු කළ යුතුයි. විශේෂයෙන්, කිසිදු කරදරයකින් තොරව අපට වෙසක් උත්සවය සැමරීමට අවස්ථාව සලසා දෙන ලෙසට මම පසුගිය සඳුදා ආරක්‍ෂක අංශවලට දැනුම් දුන්නා. එම වැඩකටයුතු සාර්ථකව සිදුව තිබෙනවා. පාස්කු ඉරිදා දින බෝම්බ පිපිරීම සිදුකළ ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගනු ලැබුවා. එසේම පසුගිය සඳුදා ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකළ අයද අත්අඩංගුවට ගැනීමේ කටයුතු සිදුවෙනවා. එබැවින් ඉදිරි දින දෙක තුළදී ආගම දහම පරිදි වෙසක් පොහොය සමරන මෙන් මම ඔබ සියලූ දෙනාගෙන් ඉල්ලා සිටිනවා. අද දිනය බෞද්ධ හා බෞද්ධ නොවන සියලූ දෙනාද එක් වී මෙම වැඩකටයුතු සාර්ථකව සිදුකර තිබෙන බව පැවසිය යුතුයි."

No comments:

Post a Comment

Post Bottom Ad