බෝම්බ පිපිරවීමේ සැලසුම් ව්‍යර්ථ වූ පිරිසට වව්නියාවේ මුස්ලිම් ජනතාවගේ රැකවරණය (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, April 30, 2019

බෝම්බ පිපිරවීමේ සැලසුම් ව්‍යර්ථ වූ පිරිසට වව්නියාවේ මුස්ලිම් ජනතාවගේ රැකවරණය (PHOTOS)

බෝම්බ පිපිරවීමේ සැලසුම් ව්‍යර්ථ වූ පිරිසට වව්නියාවේ මුස්ලිම් ජනතාවගේ රැකවරණය (PHOTOS)

කොළඹදී බෝම්බ පුපුරවා හැරීමේ සිද්ධියට සම්බන්ධ කීපදෙනෙකු හා උතුරේ ආගමික සිද්ධස්ථාන වල බෝම්බ පිපිරවීමට සැලසුම් කොට එය ව්‍යර්ථ වූ නිසා අතරමංවූ කීප දෙනෙකු වවුනියාවේ ස්ථාන කීපයක මුස්ලිම් වැසියන්ගේ රැකවරණය මත සිටින බවට ආරක්ෂක අංශ වලට තොරතුරු ලැබීමත් සමගම ඔවුන් සොයමින් ආරක්ෂක අංශ ඊයේ (29) සිට දැඩි මෙයෙයුමක් ආරම්භ කොට තිබේ.

මේ අනුව වවුනියාවේ මුස්ලිම් ගම්මාන සියලක්මද මුස්ලිම් වෙළෙද සැල් සියල්ල්ලක්මද දැඩි ලෙස සෝදීසි කෙරෙන අතර එම සෝදිසී මෙහෙයුම් සදහා යුද හමුදාව පොලිස් විශේෂ කාර්ය බලකාය හා පොලීසිය සම්බන්ධ වී සිටිති.

වවුනියාව නගරය කේන්ද්‍ර කරගෙන එම මෙහෙයුම් සිදුවන අවස්ථා වලදී වවුනියාව නගරයට කිසිදු අයෙකුට ඇතුලුවීමට පවා අවසර ලබා නොදෙයි.

මේ මෙයෙයුම් වලින් සැකකටයුතු පුද්ගලයින් දොළොස් දෙනෙකු පමණ මේ වන විට අත් අඩංගුවට ගෙන ඇති අතර විශාල ප්‍රමාණයේ පුපුරණ ද්‍රව්‍ය වැනි යමක් මෙතෙක් හමු නොවූ බව වවුනියාව පොලීසිය පැවසීය.

(දිනසේන රතුගමගේ)

No comments:

Post a Comment

Post Bottom Ad