ක්‍රෙඩිට් කාඩ්පත් හා ඩෙබිඩ් කාඩ් පත්වල තිබෙන රහස්‍ය අංකවල දත්ත සොයාගෙන ඒවා උපකරණ ආධාරයෙන් ඇත්ත ලෙස හැඟෙන ව්‍යාජ කාඩ් පත්වල කාන්දම් තීරුවලට කවා
ඒ කාඩ්පත් ඒටීඑම් යන්ත්‍රවලට යොමු කර මුදල් සොරකම් කරගෛන ඇති මෙම තිදෙනා විදේශ ජාතිකයින් බවද හෙළිව තිබේ.
මෙම විදේශ ජාතිකයින් ක්‍රෙඩිට් කාඩ්පත් හා ඩෙබිඩ් කාඩ් පත්වල තිබෙන රහස්‍ය අංක ලබාගෙන
මේ ලෙස ලබාගත් රහස්‍ය අංක අනුව ඔවුන් සකස් කරගන්නා වයාජ කාඩ්පත් ඉන්පසු එම යන්ත්‍රවලට ඇතුළු කර රුපියල් ලක්ෂ ගණනින් මුදල් ලබාගෙන ඇත.
මෙම කණ්ඩායමේ දෙදෙනෙකු චීන ජාතිකයින් වන අතර අනෙක් තැනැත්තා රුමේනියානු ජාතිකයෙකු බව වාර්තා වේ. කොටුව චැතම් වීදියේදී හා වැල්ලවත්තේදී මෙම ඡීන ජාතිකයින් දෙදෙනාත් පානදුරදී මෙම රුමේනියානු ජාතිකයාත් කොටු කරගත් බව පොලිසිය දන්වා සිටී.
ඔවුන් සමග රුපියල් ලක්ෂ 12 කට අධික මුදල් හා මෙම සොරකම් සිදුකිරීමට භාවිත කල උපකරණත් කාඩ් පත් 200 කට ආසන්න ප්‍රමාණයකුත් හසුකරගෙන ඇත. ඔවුන් තිදෙනාම මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
No comments:
Post a Comment