ලොව හොඳම ගුරුවරුන් 10න් අයෙක් ශ්‍රී ලාංකිකයෙක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 25, 2019

ලොව හොඳම ගුරුවරුන් 10න් අයෙක් ශ්‍රී ලාංකිකයෙක්


2018 වසරේ ලෝකයේ හොඳම ගුරුවරුන් දස දෙනා අතරට ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ගුරුවරියක් එක්ව සිටී. යාපනයේ උපත ලබා යුද ගැටුම් නිසා ඕස්ට්‍රේලියාවට ගොස් එහි පදිංචිව සිටින යශෝදි
සෙල්වකුමරන් මෙනෙවිය එම ශ්‍රී ලාංකික තරුණියයි. ලෝකයේ රටවල් 179ක විවිධ විෂයයන් උගන්වන ගුරුවරුන්

දස දහසක් පමණ දෙනා වාර්ෂිකව පැවැත්වෙන මෙම තරගය සඳහා ඇයැදුම්පත් ඉදිරිපත් කොට තිබූ බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය සඳහන් කරයි.

ලෝකයේ හොඳම ගුරුවරුන් දසදෙනා අතරට එක්වන ගුරුවරුන් දස දෙනාට එක් අයකුට ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියනයක් බැගින් හා තවත් ත්‍යාග ලබා දෙයි. දැනට විසි අටවන වියේ පසුවන යශෝධි ඇයගේ මවුපියන් සමඟ ඕස්ට්‍රේලියාවට ගොස් ඇත්තේ වයස අවුරුදු දහයේදීය. ඇය එරට සිඩ්නි නුවර රූඩි හිල් (RUDDY HILL) පාසලේ ගුරුවරියක් ලෙස සේවය කරයි.


-රසාදි චතුරංගි ගමගේ-



No comments:

Post a Comment

Post Bottom Ad