![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhyKL0OhUUd3A1FN8ybDmKLZWK77w-OHMA653D43kLw3DDiFjbwR4eMrlmXq-2qMya5xaO6-eMZS6MZMkOt3wQSviPWFAktExIK7QKjIB4b9zwR35kB8NMjiBE9dF9bcj-EdgbRVvGC8eU/s1600/concreate.jpg)
පාසල් සිසුවකු 9 වැනි දින පස්වරුවේ මියගොස් ඇතැයි ගල්කිරියාගම පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ ගල්කිරියාගම බුදුගේහින්න ප්‍රදේශයේ පදිංචි එල්. කේ. පසිඳු ක්‍රිෂාන් කරුණාතිලක නමැති මෙවර අ.පො.ස. (සා. පෙළ) විභාගය සඳහා ඉගෙනීම් කටයුතු කරන විද්‍යාලයේ ක්‍රීඩා දක්ෂ දරුවකු බව එහි මවුපියෝ කියති.
පාසල් කාලයෙන් පසු අත්පන්දු ක්‍රීඩාව සහ පාපන්දු ක්‍රීඩාව පාසලේ දරු දැරියන් පාසල් ක්‍රීඩාංගණයේ දී පුහුණු වෙමින් සිටිය දී ක්‍රීඩාංගණය ආසන්නයේ ඉදිකරමින් තිබූ නව ක්‍රීඩා මණ්ඩපය ආසන්නයේ ගිමන් හරිමින් සිට ඇත. එම අවස්ථාවේ සිසුන් පිරිසක් එක්ව එම ක්‍රීඩාංගණය ඉදිකරමින් තිබූ කොන්ක්‍රීට් කණුවකට හේතු වීමත් සමඟ එය මෙම සිසුවා ගේ හිස මතට කඩා වැටී ඇතැයි ගල්කිරියාගම පොලිසිය කියයි.
බරපතළ තත්ත්වයේ තුවාල ලැබූ පාසල් සිසුවා ගලේවෙල ප්‍රාදේශීය රෝහලට රැගෙන එන විටත් මිය ගොස් තිබූ බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය. පාසලේ සිසු දරු දැරියන් සහ ප්‍රදේශවාසීහු ගලේවෙල රෝහලේ දී නොසන්සුන්කාරී ආකාරයෙන් හැසිරෙන්නට ද වූහ.
උතුරු මැද පළාත් නව ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා කියා සිටියේ වහා ක්‍රියාත්මක වන පරිදි මෙම මරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා බව ය.
No comments:
Post a Comment