වෙතත් මෙම ලිපිය බාරදී තිබීම විශේෂත්වයකි.
මේ සඳහා සංවිධාන ගනනාවක් ඒකව තිබූ අතර ඒ අය නම් වශයෙන් ශ්‍රී ලංකාවේ කාන්තාවෝ, අලුත් පියාපත්, අලුත් පරපුර, මාරුතයේ හඬ, දිදුලන හදවත, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ සමනල්ලු, වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය, සාධු ජනරාව, නැගී සිටිමු ශ්‍රී ලංකා, චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්ගේ සංගමය, අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව ආදී ලෙස විය.
භාර දුන් ලිපිය පහතින් පළ වේ.
“මාධ්‍ය ආයතන හිමිකරුවනි, මාධ්‍යකරුවනි,
අපි ඔබ ගැන අවධානයෙන් !
මාධ්‍ය ආයතන හිමිකරුවෙකු හෝ මාධ්‍යකරුවෙකු ලෙස ඔබ කරමින් සිටින්නේ කුමක්ද? මාධ්‍ය සදාචාරය හා සමාජ වටිනාකම් පිළිබඳව, නැවතත් ඔබට සිහි කැඳවන්නට සිදුව ඇත්තේ ඔබ පසුගිය ඔක්තෝබර් 26 වනදා සිදු වූ ව්‍යවස්ථා විරෝධී හා ප්‍රජාතන්ත්‍ර විරෝධී කුමන්ත්‍රණයේම කොටස්කරුවෙක් ලෙස, අමු අමුවේම මාධ්‍යකරණයේ අවම සමාජ වටිනාකම් පවා බිඳ දමමින් සාහසික මාධ්‍යකරණයක යෙදුනු නිසාය. මෙම සාහසික මාධ්‍යකරණය අද ඊයෙක වුවක් නොවේ. නමුත් විශේෂයෙන් පසුගිය ඔක්තෝබර් 26න් පසු ඔබගේ මාධ්‍යකරණයේ භූමිකාව විසින් පෙන්වා දෙන්නේ ජනමාධ්‍ය වලට කොතරම් අවිචාරී විය හැකිද යන්නයි. එහිදී නිශ්චිත දේශපාලන කණ්ඩායමක ව්‍යවස්ථා විරෝධී හා නීති විරෝධී ක්‍රියාවන් නියෝජනය කරමින් හා එය සාධාරණීකරණය
සත්‍ය ගවේෂණය හා වාර්තාකරණය
ඔබගේ වාර්තා කිරීමට අදාල කරුණු නිවැරදිව ලබා දීම හා එම වාර්තා නිවැරදි බවට වගවීම අත්‍යාවශ්‍යය. උදාහරණයක් ලෙස මෑතකදී එක්තරා මාධ්‍යයක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති විසින් පාර්ලිමේන්තුව විසිරවීමට ගත් පියවර ව්‍යවස්ථා විරෝධී යයි ශේෂ්ඨාධිකරණය විසින් දුන් නඩු තීන්දුව වාර්තා කොට තිබුනේ, “ජනපති ප්‍රකාශයට පත් කළ මහා චන්දය ශේෂ්ඨාධිකරණය අත් හිටුවයි” යනුවෙනි. මෙය නඩු තීන්දුව වාර්තා කිරීමක් නොව මුළුමනින්ම කරුණු විකෘති කිරීමකි. මෙම කාල සීමාව තුළ මෙවැනි අභුත පුවත් මැවීම් තුළ, මාධ්‍ය විසින් ප්‍රේක්ෂක, ග්‍රාහක හා පාඨක සමාජය අපහරණයට ලක් කරනු ලැබීය.
ස්වාධීනත්වය
“මාධ්‍ය මුදලාලිකරණය වීම හරහා එළිබසින, ඔබලාගේ දේශපාලන හා ආර්ථීක අභිලාශයන් පිහිටා ඇත්තේ, ජනමාධ්‍ය ස්වාධීන විය යුතුය” යන මහජන අපේක්ෂාවට එපිටින් බව රහසක් නොවේ. එහෙත් එම අභිලාශ ඔබගේ මෙන්ම තවත් කිහිප දෙනෙකුගේ පටු අභිලාශයන් මිස සමස්ත මහජනතාවගේ කැමැත්ත හෝ අවශ්‍යතාවය නොවන බව මතක් කිරීමට කැමැත්තෙමු. සෑම කතාවකටම අවම වශයෙන් දෙපැත්තක් ඇත. මෙම දෙපැත්තටම අදාළ කරුණු සන්නිවේදනය කිරීමට නොහැකි වුවද, අපක්ෂපාති හා සාධාරණ ලෙස එම කතාවට අදාළ සංධර්භය එළි කිරීම ඔබගේ වගකීමකි.
හිංසනය අවම කිරීම
විවිධ ආණ්ඩු මගින් ක්‍රියාත්මක කරන
වගවීම
හරවත් මාධ්‍ය භාවිතයක් ජනතාවට වග විය යුතුය. එම වගවීම ඇත්තේ සාධාරණ, යුක්තිගරුක, සියලු දෙනාට නිදහසේ ජීවත් විය හැකි සමාජයක් ඉල්ලා සිටින බහුතර ජනතාවට මිස, ආර්ථීක වාසි මුල් කරගත් සුළුතර පිරිසකගේ අභිලාශවලට නොවන බව මතක් කර දීමට කැමැත්තෙමු.
මාධ්‍යවල පැවැත්ම ඇත්තේම ප්‍රජාතන්ත්‍රවාදී උරුමයක් වන අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තුළයි. පරමාධිකාරිවාදී අත්තනෝමතික පාලනයන් තුළ මාධ්‍යකරුවා අණබෙර ගසන්නෙකුට නැතිනම් වන්දි භට්ටයෙකුට වෙනස් නොවේ. ඔබේ වෘත්තියට අර්ථයක් හා වටිනාකමක් එක් වන්නේ ඔබගේ ප්‍රකාශන හා තොරතුරුවල ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ඔබ ආරක්ෂා කරන්නේ නම් පම‚.තවද ඔබට හිමිව ඇති මාධ්‍ය බලපත්‍රය යනු, රටේ පාලන බලය හැසිරවීම වෙනුවෙන් ප්‍රධානය කළ බලපත්‍රයක් නොවන බව මතක් කිරීමට කැමැත්තෙමු. ඒ අනුව සමස්ථ මාධ්‍ය භාවිතාව තුළ සුරැකිය යුතු සමාජ වටිනාකම් ගැන සංවාදයට එළැඹීම හා ඒ වෙනුවෙන් ක්‍රියාකිරීම ඔබගේ වගකීමකි. අවසාන වශයෙන් කිව යුත්තේ අප ඔබ දෙස බලා සිටින බවය.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjkcjIsovUGKpds-k8cKOD5kXKABIALMBuDbv8wo0_wLunwFqHE_tbTR6nMMTXR2H_F5bqiqyR7dEdLUfPUnx6R8jtByl52ZafCLnBPJqkam8_17xWkFN_OfsBb8dVPp7UT1U-sI6SDe5c/s1600/49585752_1950059421967374_722265554743721984_n.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhvqMYHKNYHtUmo2lHb7XrO9HqVHnaltHOckx8ceQzRNjcQYXNGA4j0UQGbtdJq6555RIOGsviuqgiJ_zZUNPRpWqVFu5uo-spO9fzGz42uN3ZsiCvXp-ZwGFHMX2ItxdAXMTUFZdmtD8g/s1600/49778117_466091540462757_1274039380490584064_n.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiyYHEXYAjF7bhz_qcDTBmYKb60wXg9-opghBBfpbAwS4yIwFLNGZDsE_TlJdnd0P2m2dPeWOQYXTzRuqhmrnujIVbknEebaOVyNY0dQzLOwIbaIL_uXUvqigagHSUMyrzzbO50v-GuLWg/s1600/50091118_1950059388634044_4766155320386912256_n.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgGeQ02p7RH117iUMPbuuw5SyMjWEF35PztgFCyC2bOWZOYgDl33btsVYFGThjwx2amRam8mFuTozsSIcepKBDZGP_VT7RgPGjMJuLdS-Cu8IunyLiMl0f65QT_M948oR1dPzmBjYQiQYA/s1600/Aluth-Parapura-Hiru-2018.01.10-1.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgbSHAt5TqC34yAZkiFbT5lsqYtfW9QdjksmG1rZdYS2gmscM5kFf0q8j3aAeNECpAhXcKDmFlBsVJuZjQbYC8TVXrIAyKZqCg1OIf4p8zZ1lxe3vsFRcnuDSbaR61pOy5bg9vYJgiUzAI/s1600/Aluth-Parapura-Hiru-2018.01.10-2.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi2ntTws-YKjhQsC_SRUCfXE7y6Nc3RA4Nr1dQHZsyGEO448547sJPIVj13jn7Qyu6bIXmywwJ0ww5F6X8qNGPhBJWqQU8J0PFI5vWX95Kzl5yCrWAxAcrEsq2G-fixlXg1Mknm6pdiFAc/s1600/Aluth-Parapura-Hiru-2018.01.10-3.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiw7diVfelgwUFToA3v7huj71y2R1NgiyLOthB4tkGrtxI_fe5pj7_hQ1hyphenhyphenK6aAMeBs058Uguw8miTSWkL4ZAj5xO-h_xBwjNpKB7HlCI702BwOJZ1f1auRmN3EW31K12315DJb75O1yeY/s1600/Aluth-Parapura-Lake-House-2018.01.10-1.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgZzMcv3QElufN3Spx5cRuKouLt7VPWAXX9gr-dh9UxszZejTgcHPVITalzDlx8q-gIIu4x1zw0QKK9tiVZInySlcfWUKm6lf5hyDb-JAmTDwb9g8rYPs9yq4NKdG6tNBK0OahjYpqNz5Q/s1600/Aluth-Parapura-Lake-House-2018.01.10-2.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgiF1nB9MCrEJuj7hkcKMb5_6ojda0z7C0aIvs0zhgy9-rRAfWwQxstkBLYOMBNO9Mq_bKp7AHU8s6gbwcgUDV0Csv_qTucHWcUUguoysk0vnJUt_Bjm1NmVS9QXoQ9k0CYgVSRs6xTo-I/s1600/Aluth-Parapura-Lake-House-2018.01.10-3.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhDord5pRS30dC_hjmsQZqvdBFQ8APD6jLp3tYiPfpFOTWZD1wRGjucwNI1tuaZMwpB87HX3O2UBTgxh4zhX0qSi_6SuNOL4zFTUbLibiRCiIO6zMmZyH7rajpmRVIjclzLSATeHNbgPYA/s1600/gossiplanka_2019-01-10-1152.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhtBO1BDo502EqCL2hdYXiDwrBUjdAXYzrFSC1upDpjn0GsUuMak_vUOJlDMiV8_zSO3SywDd1nvp_9PCbNvnWSjy_WLpSWx_a6JUqFUTyuZMswht9TMwFvkEjt7AdysACNWsX5Kev7Am8/s1600/gossiplanka_2019-01-10-1153.jpg)
No comments:
Post a Comment