මිල්කෝ ආයතනයෙන් ඉවතදැමූ කිරිපිටි මෙ.ටොන් 500ක් මුදාගැනීමට දේශපාලනඥයෙකුගෙන් බලපෑම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 30, 2019

මිල්කෝ ආයතනයෙන් ඉවතදැමූ කිරිපිටි මෙ.ටොන් 500ක් මුදාගැනීමට දේශපාලනඥයෙකුගෙන් බලපෑම්

'මිල්කෝ' ආයතනයේ ගබඩාවල තිබෙන ප්‍රමිතියෙන් තොර කිරිපිටි මෙට්‍රික්ටොන් පන්සියයකට අධික ප්‍රමාණය මුදාගැනීමට ප්‍රබල දේශපාලනඥයෙකු බලධාරීන්ට බලපෑම් කරමින් තිබෙන බව 'මිල්කෝ "
ආයතනයේ සේවකයෝ සදහන් කරති. පසුගිය වසරේදී කිරිපිටි මෙට්‍රික්ටොන් හත්සිය විස්සකට අධික ප්‍රමාණයක් සත්ත්ව ආහාර සඳහා අලෙවි කර ඇති අතර, එම ප්‍රමාණයන් මෙට්‍රික්ටොන් දෙසියකට අධික ප්‍රමාණයක් ප්‍රථමයෙන් මිල්කෝ ආයතනයෙන් ඉවත් කර ගෙන තිබේ.


මෙලෙස රැගෙන ගිය කිරීපිටි නැවත වෙළෙඳ පොළට නිකුත් කරමින් තිබියදී, පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.  ඒ පිළිබඳ මේ වන විට කුලියාපිටිය  අධිකරණයේ නඩුවක් විභාග වන බැවින් 'මිල්කෝ' ආයතනයේ ගබඩාවල තිබෙන ඉතිරි කිරිපිටි තොගය අධිකරණ කටයුතු අවසන් වනතුරු මුදානොහරින ලෙස පාරිභෝගික කටයුතු අධිකාරිය දුරකථනයෙන් හා ලිඛිතව දන්වා තිබෙන බවද එහි සේවකයෝ සඳහන් කරති.

එහෙත් එම කිරිපිටි තොගය අදාළ  පුද්ගලයාට කඩිනමින් මුදාහරින ලෙස ප්‍රබල අමාත්‍යවරයෙකු මේ වන විට බලපෑම් කරමින් තිබෙන බවත්, මේ නිසා විෂය භාර අමාත්‍ය පී.හැරිසන්  මහතා මෙයට කඩිනමින් මැදිහත් විය යුතු බවත් එම පිරිස් පවසති. එසේ නොමැති වුවහොත් අදාළ දේශපාලනඥයාට හිතවත් පිරිස විසින් මෙම කිරිපිටි තොගය මුදාහැරිය හැකි බවත්, ඒ හරහා කිරිපිටි තොගය නැවත වෙළෙඳ පොළට නිකුත් විය හැකි බවත් සේවක පිරිස් සඳහන් කරති.

මෙම කිරිපිටි තොගය අදාළ පුද්ගලයාට අලෙවි කර තිබෙනුයේ කිලෝවක් රුපියල් හැටහයකට ආසන්න මුදලකට බවත්, ඔහු විසින් වෙළෙඳ පොළේදී ග්‍රෑම් 400 කින් පැකට්ටුවක් රුපියල් 295කට අලෙවි කර තිබෙන බවට භාවිතා වන බවත් ඔවුහු පෙන්වා දෙති.

-ඉන්දික හේවාවිතාරණ-

No comments:

Post a Comment

Post Bottom Ad