කරන්දෙනිය පෙරහැරේදී ඇත්ගොව්වා පාගා මැරූ අලියා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 24, 2018

කරන්දෙනිය පෙරහැරේදී ඇත්ගොව්වා පාගා මැරූ අලියා


යේ රාත්‍රී 12 ට පමණ කරන්දෙණිය කොළෙතුමානාන ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ වාර්ෂික පෙරහැර පැවති අවස්ථාවේ කුලප්පුවූ අලියෙකු තම භාරකරුවූ ඇත්ගොව්වා උස්සා පොළවේ ගසා මරාදැමීමේ අවාසනාවන්ත සිද්ධියක් වාර්තා විය. කරන්දෙණිය බොරකන්ද ප්‍රදේශයේදී පෙරහැර ගමන්ගන්නා අතරතුර මෙම සිදුවීම සිදුව තිබේ. ඇත්ගොව්වා ඔසවා තාප්පයකට තද කර පසුව
හිසද පාගා දමන්නට තරම් අලියා දරුණු විය. පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ ඇත්ගොව්වා රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටියේය.
මෙලෙස මියගොස් ඇත්තේ 45 හැවිරිදි රිදීගම ප්‍රදේශයේ පදිංචිව සිටි  තිලකරත්න නමැති පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කළේය.

ඇත්ගොව්වා මරාදැමූ අලියා කුලප්පුවෙන් හැසිරීම නිසා ප්‍රදේහවාසින් සීසීකඩ දිවගිය අතර ප්‍රදේශයේ නිවාස කිහිපයකට ද හානි සිදුකර පසුව වෙල්යායක සැරිසරමින් සිටියදී වනජීවී නිලධාරීන් කණ්ඩායමක් සහ පශු වෛද්‍ය කණ්ඩායමක් එක්ව අලියා නිර්වින්දනය කර  අල්ලාගෙන ඇති බව වාර්තා විය.

මියගිය ඇත්ගොව්වාගේ මෘත ශරීරය බලපිටිය රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් පරීක්ෂණය අද සිදුකෙරේ.
කරන්දෙණිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
කුලප්පුව අවස්ථාවේ සීසීටීවී වීඩියෝ දර්ශනයක් පහතින්


No comments:

Post a Comment

Post Bottom Ad