අද පෙහොට්ටුවේ ඉන්නේ ජී.එල්. නත්තල් පප්පා විතරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 24, 2018

අද පෙහොට්ටුවේ ඉන්නේ ජී.එල්. නත්තල් පප්පා විතරයි

23 දින හිනිදුම දී පැවති රැස්වීමක දී අදහස් දැක් වු පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මෙසේ  පැවසීය.

'පාර්ලිමේන්තු විසරෙව්වා කිව්වාම මාධ්‍ය ගෙනල්ලා මහින්ද මහත්මයා ඇතුළු ගෝලයෝ සෙට් එක පෙහොට්ටුවේ සමාජිකත්වය ගත්තා. දැන් කියනවා නෑ කියලා. දැන් ශ්‍රීලංකා එකටත් පොහොට්ටුවටත් යන එන මං නැතිවෙලා තියනවා.
අද පෙහොට්ටුවේ ජී.එල්. පප්පා නත්තල් පප්පා  විතරක් තනිවෙලා.
අද අනාගතයක් තියන අනාගතයක්

ඇති පක්ෂය වන එජාපයට පියසේන ගමගේ වැනි අයත් එකතු වෙලා තියනවා.

මම මෙතන දී විශේෂයෙන්ම දෙයක් කියන්න ඕන. පියසේන ගමගේ එජාපයට සහය දක්වනවා කිව්වාම අපි බොක්කෙන්ම ඒකට කැමති වුනේ. මම , වජිර, විජේපාල, බන්දුලාල් ඇතුළු අපි හතර දෙනා ලඟම ඔය මනාප ප්‍රශ්න තිබුණේ නැ. අපි එක පයින් අගමැතිතුමාට කිව්වා මෙතුමා ගනිමු කියලා. ඒ නිසා මම කියනවා. ඔබතුමා හිටිය පක්ෂය වගේ ඔබතුමාගේ කකුලෙන් අදින පිරිසක් මේ පක්ෂයේ නෑ කියලා. ඒ නිසා පියසේන ගමගේ කියන සුන්දර මිනිසා සමඟින් එජාපයේ අය ඉදිරියට ඡන්ද කරන්න සුදානම් බව ද මම මේ අවස්ථාවේ දී කිව යුතුයි.

දැන් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කමටත් ප්‍රශ්න ඇවිල්ලා. හිටපු විපක්ෂ නායක කියනවා එයා තමයි විපක්ෂ නායක කියලා. පාර්ලිමේන්තුව විසිරෙව්වා කියපු ගමන් ඔක්කොම හරි කියලා හිතුවේ. දැන් එකෙක් කියනවද පෙහොට්ටුවේ සාමාජිකත්වය ගත්තා කියලා. නෑ. අද සාමාජිකයෝ අනාත වෙලා. ඒ නිසා හිතන්න වැඩක් කරන්න පුළුවන් තැන, බලය තියන තැන කොතනද කියලා.

අද මට මම කැමතිම ඉඩම් අමාත්‍යංශය ලැබී තියනවා. ඉදිරියේ දී මේ හිනිදුම ආසනයේ බෙදන්න පුළුවන් ඉඩම් හදුනාගෙන එජාප පාක්ශිකයන්ටත් , පියසේන ගමගේ මහත්මයා දීපු ඉඩම් වලටත් අපි ඔප්පු ලබා දෙන්නට කටයුතු කරනවා.'

ගාල්ල සුනෙත් ගාල්ලගේ

No comments:

Post a Comment

Post Bottom Ad