ලෝකාන්තයේ අවදානම් ස්ථාන සඳහා ආරක්ෂිත දැලක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 16, 2018

ලෝකාන්තයේ අවදානම් ස්ථාන සඳහා ආරක්ෂිත දැලක්

හෝර්ටන්තැන්නෙ ලෝකාන්තයේ නැරඹුම් ස්ථානයට පහළින් හඳුනාගත් අවදානම් සහිත ස්ථාන දෙකක ආරක්ෂිත දැලක් එළීමට කටයුතු කරන බව හොර්ටන්තැන්න ජාතික වන උද්‍යානයේ භාරකරු ප්‍රදීප් කුමාර මහතා පැවසී ජර්මන් ජාතික ජුලියා හෙල්ගා නමැති විදේශික කාන්තාව පසුගියදා අනාරක්‍ෂිත ලෙස හැසිරී
 කන්දෙන් පහළට වැටී මිය යාමෙන් අනතුරුව ලෝකාන්තය නැරැඹීමට එන දෙස් විදෙස් සංචාරකයන්ගේ ආරක්ෂාව උදෙසා ගත යුතු ඉදිරි පියවා සම්බන්ධයෙන් මධ්‍යම පළාත් සහකාර වනජීවී අධ්‍යක්ෂවරයා සමඟ පෙර්දා(14) පැවැති විශේෂ සාකච්ඡාචකදී මෙම යෝජනාව ඉදිරිපත් කළ බව

ප්‍රදීප් කුමාර මහතා කීය.

හෝර්ටන්තැන්න ගැන ලෝකාන්තය නැරැඹීමට වසරකට දෙස් විදෙස් සංචාරකයන් ලක්ෂ පහකට ආසන්න පිරිසක පැමිණෙන බවත් එසේ පැමිණෙන සංචාරකයන්ට ප්‍රවේශ පත්‍රයක් නිකුත් කරන අවස්ථාවේම ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වන ලෙස එම සංචාරකයන් දැනුවත් කිරීමට විවිධ ක්‍රම මඟින් කටයුතු කර ඇති බවත් ප්‍රදීප් කුමාර මහතා කීය. ලෝකාන්තය නැරැඹීමට විදේශීය සංචාරකයන් සමඟ පැමිණෙන ඇතැම් මඟ පෙන්වන්නන්, හෝර්ටන්තැන්න ප්‍රවේශ කවුළුවේ සිට විශාල දුරක් ලෝකාන්තයට පයින් ගමන් කිරීමට ඇති නිසා විදේශීය සංචාරකයන්ට පමණක් තනිවම එම ස්ථානයට යවා එම මඟ පෙන්වන්නන් ප්‍රවේශ කවුළුව අසල නතර වන බවද ඔහු කීය.

යුද හමුදා කඳවුරුවල දැනට භාවිත කරන පරිසර හිතකාමී එම ආරක්ෂිත දැල් ලෝකාන්තය නැරැඹුම් ස්ථානයට පහළින් ස්ථාන දෙකක මීටර් 80 පමණ දිගට එම ආරක්ෂිත දැල එලීමට සැලසුම් කර ඇති බවයි හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයේ භාරකාර ප්‍රදීප් කුමාර මහතා වැඩිදුරටත් මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේ.


-නීටා පත්ම කුමාරි-

No comments:

Post a Comment

Post Bottom Ad