කොන්සල් කාර්යාලයේදී කෂෝගිගේ සිරුර ඇසිඩ්වල දියකර අපවහන නලෙන් බැහැර කරලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 12, 2018

කොන්සල් කාර්යාලයේදී කෂෝගිගේ සිරුර ඇසිඩ්වල දියකර අපවහන නලෙන් බැහැර කරලා


පසුගියදා ලෝකයම කථාබහට ලක් කළ සෞදි ජාතික මාධ්‍යවේදී ජමාල් කෂෝගි කොන්සල්  කාර්යාලය තුළදී මරාදැමීමෙන් පසු මළ සිරුර පිටතට ගෙන ගොස් නොමැති බවත්
එහිදී අති ප්‍රබල අම්ලයක දියකොට ද්‍රව තත්වයට පත් කර අපවහන නල මාර්ග ඔස්සේ ඉවතට ගලායාමට සලස්වා ඇති බව
මේ වනවිට අනාවරණය වී තිබේ.

තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලය තුළදී ජමාල් කෂෝගි
ඝාතනය කර ඇති බවට හෙලි වූ නමුත් ඔහුගේ සිරුරට සිදුවූයේ කුමක් ද යන්න අනාවරණය වී නොතිබිණි. මේ අතරවාරයේ සිරුර අම්ලයක බහා දියකර ඇති බවත් ඉස්ථාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයේ කාණු පද්ධතියක ඊට අදාල සළකුණු හමුව ඇති බවත් අල්ජසීරා මාධ්‍යය වාර්තා කර තිබේ.

ජමාල් කෂෝගි සෞදියේ ඔටුන්න හිමි බින් සල්මාන් කුමරු දැඩිව විවේචනයට ලක්කල මාධ්‍යවේදියෙකු වූ අතර ඔහු ඇමරිකාවේ වාසය කරමින් වොෂින්ටන් පොස්ට් පුවත්පතට සම්බන්ධව කටයුතු කර කළේය. පසුගිය ඔක්තොම්බර් මස 02 වැනිදා ලියකියවිලි කටයුත්තක් සඳහා තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලය වෙත ගිය අවස්ථාවක ඔහු අතුරුදන් විය.
සෞදි කොන්සල් කාර්යාලය තුළදී ඔහු ඝාතනයට ලක්වූ බව සෞදි අරාබිය පසුව පිළිගත් අතර රජ කුමරු සම්බන්ධ නැති බව පවසා තිබුණි. කෙසේ වෙතත් මේ වනවිට මෙම ඝාතනයට අදාළ හඩ පට ප්‍රසිද්ධ කර තිබෙන අතර මෙම ඝාතනයට සවුදි රජපවුලේ සම්බන්ධය හෙළිවෙමින් පවතී.

No comments:

Post a Comment

Post Bottom Ad